April 30, 2024

කොළඹ රියදුරන් අවධානම - මාරක අනතුරක් අත ළඟ

December 15, 2021

කොළඹ ඩී.එස්.සේනානායක ප්‍රාථමික විදුහල ඉදිරිපිට විශාල ගසක් කඩා වැටීමේ අවධානමක් මතුව තිබෙනවා. 

මෙම අවධානම මතුව තිබෙන්නේ කොළඹ නගර සභාව මෙම ගස භාගෙට කපා අතහැරීම නිසයි.

නුග ගසක් සහ මාර ගසක් බද්ධ වී වැඩි ඇති බැවින් මෙහි අතු කැපීම සිදු කර තිබුණේ මීට පෙරයි.

පසුගිය සතියේ මෙම ගසේ මුල් කොටස් ඉවත් කෙරුණ ද මුළුමනින්ම ගස ඒ ස්ථානයෙන් ඉවත් කර නොමැති නිසා තද සුළගකදී අනිවාර්යයෙන්ම අවධානමක් මතුවිය හැකියි.

එම ස්ථානයේ සිටින අයෙක් මේ ගැන මෙසේ පැවසුවා.

"මේ ගහ කැපුවේ ඇවිල්ලා මේ ගෙදර මහත්තයා ළඟ හිටියා. ළඟ ඉන්නකොට නගර සභාවේ කොල්ලෙක් ඇවිල්ලා තමයි කැපුවේ. මම එතන ටිකට් කඩ කඩ තමයි හිටියේ. ගහ කැපුවට පස්සේ දෙන්නෙක් ඇවිල්ලා කිව්වා ගහ හාරලා තියෙනවා කිව්ව නිසා මම මෙතනට ඇවිල්ලා බැලුවා. මම ඇවිත් කිව්වා මල්ලි සෑහෙන්න හාරලා නේද කියලා. මම මහත්තයාගෙනුත් ඇහුවා සෑහෙන්න හාරලා නේද කියලා. මම කිව්වා නිකන් හරි හුළඟක් ආවොත් පෙරලෙයි නේද කියලා. නැහැ නැහැ අපි මුල් තමයි කැපුවේ කියලා කිව්වා. මුල් කැපුවට ගහනේ හෑරිලා තියෙන්නේ කියලා මම කිව්වා. මම කිව්වා හැකි ඉක්මණින් මොනා හරි කරන්න කියලා. මම නගර සභාවට කියලා තමයි කැපුවේ කියලා ඒ අය කිව්වා. ඊට පස්සේ නගර සභාවේ නෝනා කෙනෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා. මම කිව්වා කපලා තියෙනවා කියලා. එයා කිව්වා එහෙම කපන්න බැහැනේ කියලා. හා හරි කියලා ඔක්කොම ලියාගෙන මට ෆෝන් නම්බර් දීලා ගියා මොනවා හරි තියෙනවා නම් මට කතා කරන්න කියලා. කපන්නම් කියලා සුමාන දෙකක් විතර වෙනවා. තවම ආවේ නැහැ. කඩාගෙන වැටුණොත් බරපතල තුවාල වෙන්න ඉඩ තියෙනවා. සෑහෙන වාහන මෙතන ගහනවා ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. හුලගක් ආවොත් අනිවාර්යයෙන් කඩාගෙන වැටෙයි කියලා මට සියයට සියක් විශ්වාසයි. හුඟක් කට්ටියට මම කියනවා මෙතන නතර කරන්න එපා කියලා. මොකද ඊට ඉස්සෙල්ලා දැනුම් දෙන එක හොඳයිනේ. ගහ දැක්ක ගමන් සමහර අය බයේ වාහන ගන්නවා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 15:42