April 28, 2024

දෙදෙනෙකුට දිවි අහිමි කළ අධිවේගයේ මාරක අනතුර (VIDEO)

December 15, 2021

කතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව අද (15) අලුයම 1.30ට පමණ මිල්ලනිය 18  වන කිලෝමීටර් කණුව ආසන්නයේදී ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් සිදු වූ අනතුරකින් පියෙකු සහ කුඩා දියණියක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගිය පියාගේ වයස 39ක් වන අතර දියණිය සිව් හැවිරිදි වියේ පසුවනවා.  

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 11:38