May 13, 2024

කිරි පැකට් ලක්ෂ ගණනක් පොළව යට! සමාගමේ සිදුවන විනාශය එළියට!

December 14, 2021

මිල්කෝ ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබූ කිරි පැකට්ටු එක්ලක්ෂ විසිදහසකට අධික ප්‍රමාණයක් වළ දැමීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙම කිරි පැකට්ටු වළ දමා ඇත්තේ මිල්කෝ ආයතනයට අයත් දිගන කර්මාන්ත ශාලා භූමියේ යි.

අදාළ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කළ වැනිලා රසැති කිරි පැකට්ටු තොගයක් මෙලෙස වළ දමා ඇති අතර නිෂ්පාදන දෝශයක් නිසා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

නාස්තිය

ඩෝසර් යන්ත්‍රයක් යොදා ගනිමින් කර්මාන්ත ශාලා භූමියේම විශාල වළක් හාරා, පසුගිය 30 වැනි දා මෙලෙස වළ දමා ඇත්තේ මිලි ලීටර 180 ප්‍රමාණයේ කිරි පැකට් තොගයක් බව වාර්තා වනවා.

දෝශ සහිත මෙම කිරි පැකට්ටු නිෂ්පාදනය කොට ඇත්තේ පසුගිය 27 වැනි දා යි.

පසුගිය කාලයේ කිරි පිටි හිඟයක් ද හටගත් අතර දේශීය කිරි නිෂ්පාදනය ද පහත වැටී ඇති බව පුවත් වාර්තා පෙන්වා දෙනවා.

එවන් පසුබිමක මෙලෙස කිරි තොගයක් විනාශ වී යාම දැඩි නාස්තිකාරී කටයුත්තක් බව පැහැදිළි කරුණක් වනවා.

අප වෙත වැඩිදුරටත් වාර්තාවන අන්දමට වළ දමා ඇති කිරි පැකට්ටු සඳහා යොදාගෙන ඇති එළ කිරි ප්‍රමාණය ලීටර් විසි දෙදහස ඉක්මවනවා.

නොසැළකිල්ල

මේ අතර දිගන මිල්කෝ කර්මාන්ත ශාලා සේවකයින් අනාවරණය කරන්නේ සිය කර්මාන්ත ශාලාව තුළ කිරි පැකට්ටු නිෂ්පාදනය කරන අතරතුර ඒවා රසායනාගාර පරීක්ෂාවකට ලක් නොකරන බව යි.

නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර දී විටින් විට කිරි පැකට්ටු අහඹු රසායනාගාර පරීක්ෂාවකට ලක් කරන්නේ නම් මෙවැනි බරපතළ නාස්තියක් සිදු නොවීමට ඉඩ තිබූ බව ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම දිවයින තුළ කිරි අර්බුදයක් ද ඇති පසුබිමක මිල්කෝ ආයතනයේ පවතින අවිධිමත් පාලනය මෙම නාස්තිකාරී කටයුතු පිටුපස බවතින බව ද සේවකයන් සඳහන් කරනවා.

දැවැන්ත පරිසර හානියක්

මේ අතර අප වෙත වාර්තාවන අන්දමට අදාළ කිරි පැකට්ටු වළ දමා ඇත්තේ ඒවායේ පොලිතීන් කවරය ද පසට යටවන පරිදි යි.

මෙතරම් විශාල පොලිතීන් ප්‍රමාණයක් පසට යට කිරීම හරහා දැඩි පරිසර හානියක් සිදු කිරීමට මිල්කෝ ආයතනයට වගකීම් විරහිත ලෙස තීරණය කළ හැකිදැයි යන්න ද ගැටළුවක් වනවා.

මිල්කෝ ආයතනය මේ ආකාරයෙන් කිරි තොග අපතේ යැවීමේ සිද්ධි මීට පෙර ද වාර්තා වූවා.

UPDATE: කිරි පැකට් වළදැමීම ගැන සමාගමෙන් ප්‍රකාශයක්

Rate this item
(4 votes)
Last modified on Tuesday, 14 December 2021 20:30