May 03, 2024

විදුලිබලයේ මහා වංචාවක් - ගිවිසුම් නෑ..බලපත්‍ර නෑ! පුද්ගලික අංශයෙන් විදුලිය අරන්

December 14, 2021

ජනන බලපත්‍ර ලබානොගත් ස්වාධින බලශක්ති නිෂ්පාදකයින් තිදෙනෙකුගෙන් ගිගා වොට්පැය 732.192ක විදුලිය ලබාගෙන ඒ සදහා රුපියල් බිලියන 18.91ක මුදලක් ලංකා විදුලිබලමණ්ඩලය විසින් වැය කර තිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන්.

2009 අංක 20 දරණ ලංකා විදුලිබල පනතේ අංක 7 (1), 43 (2) අංක 43 (7) යන වගන්තිවලට පටහැනිව නියාමකයාගේ අනුමැතියකින් තොරව මෙකි විදුලිය මිලදිගැනිම් සිදුකොට ඇති බව විගණන වාර්තාවේ දැක්වෙනවා.

විදුලිය මිලදිගැනිමේ ගිවිසුම් සදහා අනුමැතියකින් තොරව ජනන බලපත්‍ර නොමැති නිෂ්පාදකයින්ගෙන් 2019 වර්ෂයේ මාස හයක් සදහා මෙගාවොට් 100ක අතිරේක විදුලිය මිලදිගෙන තිබුණි.

නැවතත් 2020 වර්ෂයේ පෙබරවාරි මසයේ සිට මාස 06ක් දක්වා කාලය දිර්ඝකොට ගිගාවොට් 78669ක විදුලිය ලබාගෙන ඒ සදහා රුපියල් බිලියන 3.26ක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් වැය කර තිබු බවද විගණන වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම 2018, 2019 හා 2020 යන වර්ෂයන්හිදි මෙගාවොට් 1587ක නව ජනනයන් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කොට තිබුනද මෙගාවොට් 275.8ක ධාරිතාවයකින් යුතු බලාගාර පමණක් ආරම්භ කොට තිබුණි. මේ නිසා නව උත්පාදන බලාගාර ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස අඩුවි තිබු බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

මෙකි තත්වය නිසා 2020 වර්ෂයේ දි රුපියල් බිලියන 22.2ක වටිනාකමක් සහිත ගිගාවොට් පැය 811ක හදිසි විදුලි මිලදි ගැනිම් සිදුකොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 01:35