May 03, 2024

අද සිට විදුලි කප්පාදුවක්! විදුලිය කපන වේලාව මෙන්න Featured

December 04, 2021

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (4) සිට දින හතරක් පමණ අවම වශයෙන් පැයක කාලයකට විදුලි සැපයීම අත්හිටුවීම සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඒ අනුව පස්වරු  6.00 ත් රාත්‍රී  9.30 අතර කාලයේදී මෙලෙස විදුලි සැපයුම අත් හිටුවීම සිදු විය හැකි බවයි.

දිවයින පුරා ඊයේ (03) සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණු අතර එඅය යථා තත්ත්වයට පත්කරන තෙක් මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නා.

එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට දින 3ක පමණ කාලයක් ගතවන බව ද ඔහු කියා සිටියා.

Rate this item
(23 votes)