May 03, 2024

විදුලිය සහ ජලය ගැන රජයෙන් පණිවිඩයක් Featured

මෙරට ජනතාව වැඩිම විදුලි පරිභෝජනයක් සිදු කරන අවස්ථාව වන්නේ රාත්‍රී 7.00 - 8.30 අතර කාලය බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

මෙම කාලය තුළ දී ජාතික පද්ධතියේ මෙගාවොට් 20ක පමණ විදුලි අඩුවක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම නිසා අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ මෙම කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට යි.

මේ අතර විදුලි විසන්ධි වීමක් සිදු වුවහොත් එය ජල සැපයුමට බලපානු ඇති බවට ජනතාව බියෙන් පසුවනවා.

එවන් තත්ත්වයක් මත තමන් හට පැය දෙක තුනක විදුලි කප්පාදුවක් කෙසේ හෝ කළමනාකරණය කර ගැනීමට හැකි බවයි ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා සඳහන් කළේ.

එමෙන්ම මෙරට සෑම නිවසකම පාහේ අවම වශයෙන් ලීටර 500කවත් ටැංකියක් පවතින බව ඔහු පවසනවා.

එබැවින් කෙටි විදුලි කප්පාදුවක් සිදු වුවහොත් ඉන් ජල සැපයුමට සැළකිය යුතු බාධාවක් සිදු නොවනු ඇති බව යි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් පෙබරවාරි සහ මාර්තු මාසවල සාමාන්‍යයෙන් ජල ප්‍රභවයන් සිඳී යන බැවින් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට යි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එය සිය අමාත්‍යංශයට සිදු කරන විශාල උදව්වක් බව ද ඔහු පෙන්වා දුන්නා.

පසුගිය දිනෙක දිවයිනටම බලපාන පරිදි පැය කිහිපයක් තිස්සේ විදුලිබලය විසන්ධි වූ අවස්ථාවේ දී බොහෝ ප්‍රදේශවල ජල සැපයුම ද විසන්ධි වූවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 29 January 2022 09:23