April 19, 2024

රජයේ මැති ඇමතියෝ ඇතුළු ලොක්කෝ ණයට ගුවන් සවාරි ගිහින් : ලොකු පොල්ලකුත් තියලා

ගුවන් හමුදාවේ ගිණුම් සම්බන්ධයෙන් විගණනයක් රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් කර තිබෙනවා.

එහිදී වසර 15 ක් පුරාවට පැවැති ආණ්ඩුව ඉහළ පෙළේ මැති ඇමැතිවරුන් ඇතුළු නිලධාරීන් ගුවන් හමුදාවේ ගුවන් යානා හා හෙලිකොප්ටර් වලින් ණයට ගුවන් සවාරි ගොස් නොගෙවා ඇති මුදල හෙළිදරව් වී තිබෙනවා.

ගෙවිය යුතු මුදල

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රු.ලක්ෂ එකසිය පනහකට ආසන්න මුදලක් ලැබිය යුතුව ඇති බවයි විමර්ශනවලදී සනාථ වී තිබෙන්නේ.

2003 - 2013 වසර 10 තුළ ගුවන් හමුදාවට ගෙවිය යුතු මුදල රු. ලක්ෂ 60 කට වැඩි බව වාර්තා වනවා.

2013 - 2018 කාලය තුළද එවැනිම හිඟ මුදලක් ගුවන් හමුදාවට අය විය යුතුව ඇති බවයි විගණන නිලධාරීන් තහවුරු කරගෙන තිබෙන්නේ.

දැනුවත් කිරීම

මේ සම්බන්ධයෙන් කිහිප වතාවක්ම ගුවන් හමුදාව ගෙවිය යුතු රාජ්‍ය අංශ වෙත ලිඛිතව දැනුවත් කොට ඇති මුත් එම රාජ්‍ය අංශ ඒවා ගණන් ගෙන නැහැ.

මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කෙරෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

මෙසේ මුදල් නොගෙවා ගුවන් යානා හා හෙලිකොප්ටර් වැඩිපුරම භාවිතා කර තිබෙන්නේ ආරක්ෂක හා මුදල් අමාත්‍යාංශයේ තනතුරු දැරූ ඇමතිවරුන් බවත් තහවුරු කරගෙන තිබෙනවා.

එසේ අය විය යුතු මුදල් පිළිබඳව වාර්තාවක් ගුවන් හමුදාව විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා මුදල් අමාත්‍යාංශයේ වෙත යොමුකර තිබෙනවා.

මේ අතර සිය ජල බිල්පත් හරහා මෙරට ආර්ථිකයට මහත් පාඩුවක් සිදු කොට ඇති මැති ඇමතිවරු පිරිසක් පිළීබඳව ද අප වෙත වාර්තා වූ අතර එම අනාවරණය හා සම්බන්ධ පුවත සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න.

කියවන්න: එක රටක් නීති දෙකක්! ඔබේ මුදල් මිලියන 9ක් කාපු මන්ත්‍රීවරු 40දෙනා නිදැල්ලේ! 

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 January 2022 11:02