May 17, 2024

මිලියන ගණනක එළවළු බීජ විසි කරයි - දේශීය එළවළු බීජත් පිටරටින් ගෙන්වලා

December 11, 2021

ඉකුත් වර්ෂ 06 ක කාලය තුලදි (2014 වර්ෂයේ සිට 2019) රුපියල් මිලියන 38ක් වටිනා එළවළු බිජ පැළවීම දුර්වලවීම මත අපහරණය කිරිමට සිදු වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වෙනවා.

බීජ හා රෝපන ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන බීජ නිෂ්පාදනය, ගබඩා කිරිම, බෙදාහැරිම හා අලෙවිය සම්බන්දයෙන් මෙකි විගණනය සිදුකොට තිබෙනවා.

එළවළු බිජ සම්බන්දව ප්‍රමාණවත් පර්යේෂණයක් සිදු නොකිරිම, වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය පිළිබද නිවැරදි පුරෝකථනයක් සිදුකර නොතිබිම, අවශ්‍යතාවයට ගැලපෙන පරිදි බිජ නිෂ්පාදනය නොකිරිම, බීජ තොග ගබඩා කිරිමේ පටිපාටියේ ගැටළු පැවතිම යන හේතු නිසා මෙම තත්වය උදා වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා. දේශියව නිෂ්පාදනය කළ හැකි එළවළු බීජ මෙන්ම අනිකුත් එළවළු බීජ විශාල ප්‍රමාණයක් ආනයනය කිරිම සිදුවන අතර 2015 වර්ෂයේ දි රුපියල් මිලියන 962.7ක එළවළු බිජ  ආනයනය කොට තිබෙනවා. 2015 වර්ෂයට සාපෙක්ෂව 2019 වර්ෂයේ දී රුපියල් මිලියන 1491.6ක එළවළු බිජ ආනයනය කොට තිබුණා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)