දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ විදුලි බිඳවැටීම් තත්වය යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශ සුල්ක්ෂණ ජයවර්ධන මහතා පවසනවා.
කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලිය සම්ප්‍රේෂණ මාර්ගයේ බිද වැටීමක් හේතුවෙන් අද රාත්‍රී 7.35ට පමණ දිවයිනේ බොහෝ ප්‍රදේශවල විදුලි බිදවැටීමක් වාර්තා වුණා.
ඒ අනුව බියගම , කොටුගොඩ, හබරණ, ගාල්ල, මාතර, පන්නිපිටිය, රත්මලාන, ශ්‍රී ජයවර්ධනපුර, කුරුණෑගල , අතුරුගිරිය , සපුගස්කන්ද , කොස්ගම යන ග්‍රීඩ් උපපොලවල් ආශ්‍රිත ප්‍රදේශ වල මෙම විදුලි බිදවැටීම් වාර්තා වූ බවයි ජයවර්ධන මහතා සදහන් කලේ.
ඒෂියන් මිරර් අප වාර්තාකරුවන් සදහන් කලේ මේ වන විට ප්‍රදේශ කිහිපයකම විදුලි බිද වැටීම් යථා තත්ත්වයට පත් වූ බවයි.