May 05, 2024

"විදුලිබල මණ්ඩලයට ව්‍යුවහාත්මක වෙනසක් ඕන..විදුලි ඉල්ලුම ඉහල යනවා" - ලංවිම වෘත්තීය සමිති

November 27, 2021

විදුලිබල මණ්ඩයේ ඇතිවී තිබෙන මූල්‍ය පරිහානිය ඇතුලු කරුණු ගණනාවක් නිසාවෙන් ව්‍යුවහාත්මක වෙනසක් ඇති කල යුතු බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ සභාපති, ලංවිම වෘත්තීය සමිති එකතුවේ ලේකම් ඒ.ජී.යූ නිශාන්ත මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද(27) මාධ්‍ය හමුවක් පවත්වමින්.

"අදවන විට රුපියල් බිලියන 350 ක පමණ තමා භාණ්ඩාගාරයට බරක් වෙමින් පවතින ආයතනයක් බවට විදුලි බල මණ්ඩලය පත්ව තිබෙනවා. නිසි කලට නිසි තීරණ නොගැනීම නිසාවෙන් මේ තත්වය ඇතිව තිබෙනවා. LNG බලාගාර මීට බොහෝ කලකට පෙරයි පද්ධතියට එකතු වෙන්න අවශ්‍යව තිබුනේ. ඒ සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අපගේ සෑහීමක් නෑ. නමුත් එක් LNG නලයක් වහල අපගේ පද්ධතියට බලපෑම් කරන්න කිසිවෙකුට හැකියාවක් ඇතැයි අපි ඉංජිනේරුමය කාර්යයන් කරන කණ්ඩායමක් ලෙස සිතන්නේ නෑ. තව ඉදිරියට අපේ විදුලි ඉල්ලුම ඉහල යන බැවින් ඒ සදහා අවශ්‍ය කටයුතු සිදු කල යුතුයි."

"මුළු රටේම පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල විදුලි අධිකාරිවරුන් සහ පාරිභෝගික සේවා සපයන තාක්ෂණික සේවා සපයන කණ්ඩායමක් ලෙස අපගේ කටයුතු නිසි ආකාරයෙන් සිදු කිරීමට කටයුතු කරන බැවින් විදුලිය අත්හිටුවන බවට සැකයක් ඇති කර ගත යුතු නැහැ. විදුලිබල මණ්ඩයේ ඇතිවී තිබෙන මූල්‍ය පරිහානිය ඇතුලු කරුණු ගණනාවක් නිසාවෙන් ව්‍යුවහාත්මක වෙනසක් ඇති කල යුතු බවට අප පිලිගන්නවා" යැයි ඔහු ප්‍රකාශ කළා.

මීගොඩ - බුද්ධික කුමාරසිරි 

Rate this item
(4 votes)
Last modified on Saturday, 27 November 2021 10:58