May 03, 2024

මාස 3ක් ගැන තීරණයක් ගන්න යයි! ඒ බරත් ජනතාව මත පටවයි!

February 12, 2022

පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලය තමන්ගෙන් අවසර ඉල්ලා ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමග අද (12) දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව යි මහජන උපයෝගීතා කොමිසමෙහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

ඉහත කී මාස තුන සඳහා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් එහි දී තීරණයක් ගැනීමට නියමිත යි.

රජයට සහය දෙන්නලු

රත්නායක මහතා ප්‍රකාශ කළේ කළේ වැසි රහිත කාලගුණය යටතේ මෙරට ජලාශවල ජල ප්‍රමාණය දිනෙන් දින අඩු වෙමින් පවතින බව යි.

ජලාශවල ජල ධාරිතාව 50%කටත් වඩා අඩු වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

මේ අනුව ජල විදුලිය නිපදවීම සඳහා වැය කරන ජල ප්‍රමාණය අඩු කර ජලය කළමනාකරණය කරගත යුතු බව සඳහන් කරන සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දැනට නිපදවන ගිගාවොට්-පැය (gWh) 12ක ප්‍රමාණය අඩුම ගණනේ ගිගාවොට්-පැය (gWh) 05කට වත් අඩු කළ යුතු බව යි.

එමෙන්ම දිනක් තුළ විදුලි ධාරිතාව ගිගාවොට්-පැය (gWh) 40කට අඩු කළ යුතුය යන්න සිය කොමිසමෙහි බලාපොරොත්තුව බව ද ඔහු සඳහන් කළා.

එබැවින් ජනතාව විදුලි පරිභෝජනය අඩු කර රජයට සහය ලබා යුතු බවයි ඔහු පවසන්නේ.

ඒකත් ජනතාව උඩ

ජනතාව එලෙස විදුලි පරිභෝජනය අඩු නොකොට මේ සඳහා සහයෝගය නොදෙන්නේ නම් ඉදිරි මාස 03 සඳහා විදුලි කප්පාදුවකට අවසර ලබා දීමට මහජන උපයෝගීතා කොමිසමට සිදුවන බව ද ඔහු අවධාරණය කර සිටියා.

විදුලි පරිභෝජනය අඩු කර ගැනීම සඳහා ජනතාව සිදු කළ යුතු දෑ පිළිබඳව ද රත්නායක මහතා උපදෙස් ලබා දුන්නා.

ඔහු පවසන්නේ සවස 6.00 - 10.00 අතර විදුලි උඳුන්, හීටර, රෙදිසෝදන යන්ත්‍ර, වායු සමීකරණ යන්ත්‍ර, ස්ත්‍රික්ක ආදිය භාවිත නොකළ යුතු බව යි.

විදුලි පහන් නිවා දැමීම ද සිදු කළ යුතු බව පවසන ඔහු, නාම පුවරු ආදියෙහි විදුලි පහන් සියල්ලම ද නිවා දැමිය යුතු බව ද තවදුරටත් ප්‍රකාශ කළා.

අපි කියන තුරු කළ යුතුයි

ව්‍යාපාරික ආයතන තුළ ඇති වායු සමීකරණ යන්ත්‍ර දිනකට පැය 04ක කාලයක් ආයතනය සතු ජෙනරේටරවලින් ධාවනය කිරීම අනිවාර්ය බව ද ඔහු පවසා සිටියා.

අඛණ්ඩ විදුලි සැපයුමක් අවශ්‍යනම් මෙම කටයුතු තමන් විසින් යළි දැනුම් දෙනතුරු ඉටු කළ යුතු බවට ද ඔහු අවධාරණය කළා.

වීදි ලාම්පු සම්බන්ධව ද අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙරට ඇති වීදි ලාම්පු ලක්ෂ 05ක පමණ ප්‍රමාණය දැල්වීම සඳහා එක් රාත්‍රියක දී මෙගාවොට් 50ක පමණ විදුලි ප්‍රමාණයක් වැය වෙන බව යි.

එබැවින් දල්වන වීදි ලාම්පු ප්‍රමාණය ද 80%කින් පමණ අඩු කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 12 February 2022 20:44