May 03, 2024

එළවළු මදිවට පළතුරුත් ගණන් උස්සයි

November 26, 2021

පසුගිය දිනයන්ට සාපේක්ෂව එළවළු මිල ගණන් අද අඩු අගයක පැවතුණා.

එයට හේතුව ගැණුම්කරුවන් නොපැමිණීමෙන් පාරිභෝගිකයින් එළවළු මිලදී ගැනීමෙන් වැලකි සිටීමයි.

කැරට් කිලෝ ග්‍රෑමයක් රුපියල් 300ත්, ලීක්ස්  කිලෝ ග්‍රෑමයක් රුපියල් 230ත්, තක්කාලි කිලෝ ග්‍රෑමයක් රුපියල් 270ත්, බෝංචි කිලෝ ග්‍රෑමයක් රුපියල් 150ටත් අලෙවි වුණා.

කෙසේවෙතත් අමු මිරිස් සහ මාළු මිරිස් කිලෝ ග්‍රෑමයක් අලෙවි වුණේ රුපියල් 400කටයි.

මේ අතර වෙළඳපොලේ පලතුරු මිල ගණන් ද ඉහල ගොස් තිබෙනවා. වෙළඳුන් පෙන්වා දෙන්නේ පොහොර නොමැති වීම සහ වර්ෂාවත් සමඟ අස්වනු අඩු වීම හේතු වී ඇති බවයි. 

පැණි කොමඩු මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල වෙළඳ ආර්ථික මධ්‍යස්ථානයේ පැණි කොමඩු කිලෝ ග්‍රෑමයක තොග මිල වාර්තා වුණේ 250ත් 260ත් අතර අගයකයි. මිට පෙර පැණි කොමඩු කිලෝවක මිල සඳහන් වුණේ රුපියල් 45ක පමණ මුදලකටයි. 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 21:12