May 03, 2024

වැලිගම්වෙහෙර චෛත්‍යයේ චූඩාමාණික්‍යය හොරු අරන් ගිහින්

November 26, 2021

වැල්ලවාය වැලිඅර පුරාණ වැලිගම්වෙහෙර විහාරස්ථානයේ ප්‍රධාන චෛත්‍යයේ පිහිටි මිල කළ නොහැකි චූඩාමාණික්‍යය කිසියම් පිරිසක් විසින් පෙරේදා (23) රාත්‍රියේ දී සොරකම් කරගෙනයාමේ පුවතක් වාර්තා වෙනවා.

විහාරාධිපති වැල්ලවාය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති හා විශ්‍රාමික විදුහල්පති නුගයායේ නන්දසාර ස්වාමින් වහන්සේ විසින් ඒ සම්බන්ධයෙන් ඊයේ දහවල් වැල්ලවාය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුඅව එහි පැමිණි වැල්ලවාය පොලිස් නිලධාරින් ස්ථානීය නිරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එහි දී මෙම චෛත්‍යය ආසන්නයේ තිබු චූඩාමාණික්‍යය ගැලවීමට හෝ චෛත්‍යයට නැඟීමට යොදාගත් බවට සැලකෙන අඩි 50කට ආසන්න දිගකින් යුත් දෙපැත්ත කියතකින් කපන ලද උණගසක් සොයා ගැනිමට හැකි වී තිබෙනවා.

ඒ ආසන්නයේ වැටි තිබි චූඩාමාණික්‍යය චෛත්‍යයට සවිකර තිබු තඹ ආවරණයක්ද සොයා දීමට විහාරාධිපති හිමියන් ඇතුළු දායක සභාව කටයුතු කර ඇතැයි වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

මෙහි වැඩිදුර පරීක්ෂණ වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටි. එම්. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Rate this item
(0 votes)