April 26, 2024

ආසියානු ස්කොෂ් කණ්ඩායම් ශූරතාවලිය අද ඇරඹේ - ශ්‍රී ලංකාවෙන් 8ක්

November 30, 2021

ශ්‍රී ලංකා ස්කොෂ් පිල පසුගියදා මැලේසියාව බලා පිටත්ව ගියා. ඒ 20 වැනි ආසියාතික ස්කොෂ් කණ්ඩායම් ශූරතාවලියට සහභාගි වීම සඳහායි.

මෙම තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනකු සහභාගී වෙනවා.

අද (30) ඇරඹෙන මේ තරඟාවලිය ලබන දෙසැම්බර් මස 4 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලලම්පූර් නුවරදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි තරඟ අංශයට සහ කාන්තා තරඟ අංශයට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිව්දෙනකු බැගින් සහභාගි වෙනවා.

වත්මන් ජාතික ශූරයා වන රවිඳු ලක්සිරි සමඟ ෂමීල් වකීල්, මෙත්මල් වුඩ් සහ ෂෙරිෆ් හකීම් පිරිමි කණ්ඩායමට එක් වී සිටින අතර, ජාතික කාන්තා ශූරිය වන ෆාතුම් ඉසදීන් සමඟ යෙහානි කුරුප්පු, චනිත්මා සිනාලි සහ දෙව්මිණී ගාල්ලගේ කාන්තා තරඟ අංශයට එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස ගිහාන් සුවාරිස් සහ නඳුනි ගුණවර්ධන මහත්ම මහත්මීහු කටයුතු කරන අතර, ශාරීරික යෝග්‍යතා විශේෂඥයකු වන අෂාන් ගම්ලත් මහතා ද තරඟාවලියට එක් වී සිටිනවා.

පසුගිය වසරේ පැවැත්වීමට නියමිත වූ මේ තරඟාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වසරට කල් දමා තිබුණා.

 

Rate this item
(0 votes)