April 28, 2024

"අපි පියතුමන්ලා ගෙනල්ලා මඩවන ආණ්ඩුවක් නෙමෙයි" - ඇමැති ජොන්ස්ටන්ගෙන් මන්ත්‍රීට පිළිතුරු

November 18, 2021

කිසිම කෙනෙක්ව නිශ්ශබ්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ නොවන බවත් අපි දේශපාලන වශයෙන් වෙනස් වුවත් පියතුමන්ලා ගෙනත් මඩවන ආණ්ඩුවක් නොවන බවත්  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.

සිරිල් ගාමිණි පියතුමන් සී.අයි.ඩි. යට කැදවීම පිළිබදව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එල්ල කල චෝදනාවකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා මෙසේද ප්‍රකාශ කළා.

"මම ඔබතුමාට කියන්න කැමතියි මමත් කතෝලිකයෙක්, ඔබතුමාත් කතෝලිකයෙක්. සිරිල් ගාමිණී පියතුමා මොනවා හරි දන්නවා නම් එතුමාගෙන් ඒක අහන එක වැරදිද?. ඒක අහන්න ඕනි. ඔබතුමා මොනවා හරි දන්නවා නම්, මමත් දන්නවනම්, සී.අයි.ඩි. එක තියෙන්නේ හොයන්න. ඒකට බය වෙන්න හොඳ නැහැ. මම මේ කතා කරන්නේ ඥානසාර හාමුදුරුවෝ ගැන නෙමෙයි. බෞද්ධ භික්ෂුවක් ගැන නෙවෙයි. ඔබතුමා කතෝලික මන්ත්‍රීවරයෙක්. මමත් කතෝලික මන්ත්‍රීවරයෙක්. ඒ හින්ද මම කියන්නේ කවුරුහරි, හරීන් ප්‍රනාන්දු මහත්තයා වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, කවුරු හරි මේ ගැන දන්න දෙයක් තියෙනවනම් ඒක හොයන එක හරි.

ඔබතුමාලා කෙරුවේ බෝම්බ ගහපු මිනිස්සුන්ව කොමිසමක් දාලා මේකේ බොරු කරපු එක. එහෙම කරන්නේ නැහැ අපි. ඒ හින්දා මේක දේශපාලනයට හරවා ගන්න එපා. කතෝලික ආගමෙන් පූජකතුමාලයි, මේක ආගම් භේදයක් ඇති කරන්න එපා මන්ත්‍රීතුමා. අපි ඔක්කොම එකතුවෙලා මේක හොයමු. අපි කියන්නේ දඩුවම් කරන්න ඕනේ. අනිවාර්යෙන්ම වැරදි කරපු අයට දඬුවම් කරන්න ඕනේ. ඔබතුමා ඉන්න තැන තමයි මමත් ඉන්නේ. හැබැයි මේක දේශපාලනේට හරවා ගන්න එපා.

අපි කිසිම කෙනෙක්ව නිශ්ශබ්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබතුමා ගැන මට කනගාටුවක් තියෙනවා ඔබතුමාගේ තාත්තා හොඳ දේශපාලනඥයෙක්. හොඳ මිත්‍රයෙක්. ඔබතුමාත් එහෙමයි. අපි දේශපාලන වශයෙන් වෙනස් උනත්. අපි මේ පියතුමන්ලා ගෙනල්ලා මඩවන ආණ්ඩුවක් නෙමෙයි. තමුන්නාන්සේලා තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරගත්තේ. දැන් දොස් කියනවා. තමුන්නාන්සේලා කාලේ තමයි ආරක්ෂාව දෙන්න බැරුව මේ රටේ අහිංසක කතෝලික ජනතාව විතරක් නෙවෙයි අනිත් ආගම් වල ජනතාවත් මැරුනේ හෝටල් වල. ඒක තමයි ඇත්ත. තමුන්නාන්සේලාගේ හරීන් ප්‍රනාන්දු එදා තාත්තා කිව්වා කියලා නැට්ට පස්ස පැත්තෙ ගහගන ගෙදර බුදිය ගත්තේ. මිනිස්සු මැරෙන්න ඇරලා අදත් බොරුවට කියවනවා ඇවිල්ලා. අපි ඡන්ද දින්නේ පාස්කු ප්‍රහාරයට ඉස්සරලා. තමුන්නාන්සේලාව පැරැද්දුවේ අපි පාස්කු ප්‍රහාරයට ඉස්සල්ලා. කරුණාකරලා මේක දේශපාලනයට හරෝ ගන්න එපා. ඒක අපි වැදගත් විදියට කියන්නේ. මේක අපි එකතුවෙලා හොයමු. ඔය කවුරු හරි දන්නවා නම්, සිරිල් ගාමිණී පියතුමා දන්නවානම්, දන්න දේවල් කියන්න ඕනි. එතුමා පියතුමෙක් වෙන්න පුළුවන් වෙන කවුරුහරි වෙන්න පුළුවන්"

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසූවේ " අපේ පියතුමා යුක්තිය ඉල්ලුවේ. උන්වහන්සේ චෝදනාවක් කළේ නැහැ. යුක්තිය ඉල්ලූවහම මේ විදියට ගෙනල්ලා අපහසුතාවට පත්කර එක ගැන විරුද්ධව තමයි අපි මේ කතා කරන්නේ."

"පියතුමා යුක්තිය ඉල්ලලා විතරක් නෙමෙයි, උන්වහන්සේ පැහැදිලිව කියලා තියෙනවා. ඒ විතරක් නෙමේ අනිත් අයත් කියලා තියෙනවා. අපේ අද ඉන්න එස්.අයි.එස්. එකේ නායකයාට විරුද්දව චෝදනා කරලා තියනවා. ඉතින් ඒවාට සාක්ෂි තියෙනවා නම් සාක්ෂි ඉදිරිපත් කරන්න ඕන. ඒක උන්වහන්සේගේ යුතුකමක්, පියතුමාගේ යුතුකම. එහෙම නැත්නම් මේ කරන්නේ ලොකු අගෞරවයක් ඒකයි අපි කියන්නේ තමුන්නාන්සේට. තමුන්නාන්සේලාගේ ඔය මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුව ඇතුළේ හැංගිලා ඉඳලා කතා කරන්නේ නැතිව, මහ මොළකාරයෝ ගැන දන්නවා නම්, ගිහිල්ලා කියන්න. මේ බොරුවට දේශපාලනය කරන්න හදන්න එපා මේ සම්බන්ධයෙන්." යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)

Related items