May 01, 2024

සතොසට එන හොඳ බඩු නරක් වෙන විදිහ එලියට

November 05, 2021

ලංකා සතොසට ගෙන්වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහෝමයක් නරක් වන කතාව ගැන විස්තරාත්මක හෙළිදරව්වක් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා විසින් සිදු කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ සතොසට ගෙනෙන කිසිම භාණ්ඩයක් නරක් වූ භාණ්ඩ නොවන බවයි.

පෞද්ගලික ව්‍යාපාරිකයින් වෙත

එහෙත් එම භාණ්ඩ සතොසට ගෙන් වූ විගස ඒවා නරක් වූ භාණ්ඩ ලෙස නම් කර එම භාණ්ඩ පෞද්ගලික ව්‍යාපාරිකයන් වෙත ඉතා අඩු මිලට ලබා දෙන බවයි.

එය කරන්නේ වෙළෙඳ අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරින් බවත් එසේ අඩු මිලට ලබා දෙන භාණ්ඩ යළිත් ශුද්ධ පවිත්‍ර කොට වැඩි මිලට සතොසටම මිලට ගන්නා බව ඔහු අනාවරණය කරනවා.

මේ ආකාරයට උදු , පිටි , සීනි හොර පාරෙන් අඩු මිලට පුද්ගලික ව්‍යාපාරිකයන් වෙත ගොස් යළිත් වැඩි මිලට සතොස වෙත පැමිණෙන බවයි විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන්නේ.

රටින් පැන්න ව්‍යාපාරිකයා

මෙවන් වංචනික ගණුදෙනුවකට සම්බන්ධ වූ මෙරට තිබෙන ඉහළම පෙළේ ව්‍යාපාරයක හිමිකරු මේ වන විට අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් රටෙන් පැන ගොස් ඇති බවද ඔහු සඳහන් කරනවා.

යහ පාලන ආණ්ඩු සමයේ රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා යටතේද හාල් සම්බන්ධයෙන් මෙවැනිම ක්‍රියාවලියක් සිදු වූ බවත් විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කරනවා.

එනිසා සතොස වාර්තාගත ආදායමක් ලැබූ බවට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කරන ප්‍රකාශය මෙරට ජනතාව නොමඟ යැවීමක් බව පෙන්වා දෙන හිටපු විධායක අධ්‍යක්ෂවරයා භාණ්ඩ වැඩි මිලට ගෙන අඩු මිලට විකිණීමෙන් සිදුව තිබෙන්නේ බරපතළ පාඩුවක් බව සදහන් කරනවා.

තුෂාන් ගුණවර්ධන මහතා මෙම කරුණු හෙළිදරව් කළේ එක්තරා යූටියුබ් චැනලයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 05 November 2021 15:17