May 02, 2024

සතොස දුෂිතයි: පාඩු පිට පාඩුයි - ඔක්කොම කරන්නේ ඇමතිගෙ පවුලේ අය - හිටපු විධායක අධ්‍යක්ෂ

November 05, 2021

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සහ ඔහුගේ පවුලේ උදවිය ලංකා සතොස ආක්‍රමණය කර එහි කටයුතු සිය පාලනයට ගෙන තිබෙන බව මතභේදාත්මක චරිතයක් වූ පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ප්‍රථම වරට අනාවරණය කරනවා.

ඒ ගුණවර්ධන අමාත්‍යවරයා සිය පවුලේ උදවිය තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරුවලට පත් කොට ඒ හරහා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පුද්ගලික කාර්ය මණ්ඩලයට වරප්‍රසාද

එම අමාත්‍යාංශයේ ප්‍රාඩෝ ඇතුළු සුඛෝපභෝගී වාහන සියල්ලම පාවිච්චි කරන්නේ මේ පෞද්ගලික කාර්ය මණ්ඩලය බවත් පෙන්වා දෙන ගුණවර්ධන මහතා රාජපක්ෂ පවුල් පාලනය ගැන කතා කලාට අනිත් පවුල්ද එසේම බවයි සඳහන් කරන්නේ.

ලක් සතොසට මීට පෙර භාණ්ඩ සපයන්නන් ඒ සඳහා මුදලක් ගෙවා එහි ලියා පදිංචි වී සිටිය යුතු මුත්. මේ මෑතකදී අමාත්‍යවරයා එම ක්‍රමවේදය වෙනස් කරමින් වෙන ක්‍රමවේදයක් හඳුන්වා දුන් බව සඳහන් කරන ඔහු ඒ භාණ්ඩ වල මිල ගනන් එක මිලක තබා ගැනීම සඳහා කල කටයුත්තක් බව පෙන්වා දෙනවා.

එහි යම් හොඳ බවක් තිබුණද එම භාණ්ඩ සපයන්නන් තෝරා ගැනීම පිළිබඳව බරපතළ ප්‍රශ්න තිබෙන බවද ඔහු සඳහන් කරනවා.

ලාභ ලබන කතාව බොරු

ලංකා සතොස ලාභ බවට ගුණවර්ධන අමාත්‍යවරයා කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සඳහන් කරන ඔහු සිදු වූයේ ලංකා සතොස ආදායම වැඩි වීම පමණක් බවයි සඳහන් කරන්නේ.

උදාහරණයක් ලෙස රු. 208 සිල්ලර කඩේ තිබෙන පරිප්පු ලංකා සතොස මිලට ගන්නේ රු. 240 ට බව ඔහු පෙන්වා දෙනවා.

හාල්මැස්සන් සම්බන්ධයෙන්ද අනුගමනය කරන්නේ එවන් පිළිවෙතක් බවයි හිටපු විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

වාර්තාගත පාඩුව

වාර්තාගත ආදායමක් තිබුණද ඒ තුළ තුල වාර්තාගත පාඩුවක් තිබෙන බවත් ඊට හේතුව භාණ්ඩ මිලට ගෙන තිබෙන්නේ වාර්තාගත මිලකට වීම බව ඔහු අනාවරණය කරනවා.

එසේ වැඩි මිලට ගෙන අඩු මිලට විකුණන විට වාර්තාගත ශුද්ධ ලාභයක් පැමිණෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරනවා.

පාරිභෝගික සේවා අධිකාරිය හිටපු විධායක අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කළේ එක්තරා යූටියුබ් චැනලයක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(27 votes)
Last modified on Friday, 05 November 2021 10:49