April 26, 2024

"විමල්, වාසු, උදය ඉවත් කරනවා..ඇතුලේ ඉඳන් ඕවට ඉඩ නෑ" ඇමැති ලොකුගේ ලොකු කතාවක් කියයි

November 01, 2021

ඔය ඇමැතිවරු තිදෙනාම අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවේදී ප්‍රශ්නයක් නෑ කියා ප්‍රකාශ කළ බවත් එය තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් විකිණීම පිළිබඳ ගැටළුවක් නැති බව මෙම ඇමතිවරුන් තිදෙනාම පවසා ඇති බවත් ගෑස් ඒකාධිකාරය ඇමරිකාවට නතු වීම පිළිබඳ ගැටලුවක් ඇති බව පණක් කැබිනට් හමුවේ දී ප්‍රකාශ කළ බවත් ඔහු පැවසුවා.

කැබිනට් ඇමැති ධූර වලින් ඉවත් වී ඔවුන් කතා කළ යුතු බවත් ඇතුලේ ඉඳන් කතා කළ යුතු නැති බවත් මෙනිසා ඔවුන්ට ඉවත් වෙන්න සිදු වන බවත් ඇමැතිවරයා අනතුරු අඟවා සිටියා.

අනාගත ජනාධිපති, අගමැති සිහින වෙනුවෙන් වැඩ කරන්නේ නම් ඇමැති ධූර අතහැර ඒ වෙනුවෙන් කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියා.

ආණ්ඩුවේම සිටිමින් පුද්ගලික න්‍යාය පත්‍රවලට කටයුතු කිරීමට ඉඩ නොදෙන බවද ඔහු සඳහන් කළා.

ඒ අනුව කැබිනට් ඇමතිවරුන් වන වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස පක්‍ෂයට යෝජනා කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

නමුත් එම ඇමතිවරුන් හැමදාම කලේ ගැලරියට කතා කිරීම පමණක් බව ඔහු ප්‍රකාශ කළා.

පසුගියදා මහජන සභාවක් කැඳවා ඔවුන් විසින් සිදුකළ ප්‍රකාශ ගැන කනගාටු වන බවද එහිදී එල්ල කල චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කළා.

Rate this item
(0 votes)