එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල වැඩි අවධානය යොමු තිබෙන්නේ පක්ෂයේ තරුණ සංවිධානය ගොඩනැඟීම සඳහායි.
ඒ සම්බන්ධයෙන් පක්ෂ මූලස්ථානය වූ සිරිකොතදී තරුණ තරුණියන් පිරිසක් සමඟ පක්ෂ නායකයා සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
කොටස් තුනක්
එහිදී පක්ෂ නායකයා පක්ෂයේ තරුණ සංවිධානය කොටස් තුනකට බෙදා වගකීම් පැවරුවා.
එසේ වගකීම කවුරුන් ලැබුවේ කණිෂ්ක රාජපක්ෂ , දිනුත් කොළඹගේ හා සෙශාර හේරත් යන තරුණයින් තිදෙනා වෙත.
පක්ෂ ප්‍රතිසංවිධානය
පක්ෂ ප්‍රතිසංවිධානය ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙළේ එක් අංගයක් ලෙස මීට ටික දිනකට පෙර පක්ෂ සාමාජිකත්වය වැඩි දියුණු කර ගැනීමේ වැඩ පිළිවෙලක්ද පක්ෂ නායකයා ආරම්භ කළා.
ඒ පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ ජන්ම දිනයට සමගාමීව.
එහිදීද ඔහු පක්ෂ සාමාජිකත්වය වැඩි දියුණු කර ගැනීමේ වගකීමේ මූලිකත්වය ලබා දුන්නෙත් තරුණ තරුණියන් වෙත.