May 09, 2024

ඔය මහාචාර්යවරයා රසායනික සමාගමක ඒජන්තයෙක්: මම දැනගත්තෙත් ලඟදි - කෘෂි ඇමති අලුත්ගමගේ

මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශය උපදේශන සේවා ලබා දුන් මහාචාර්ය බුද්ධි මාරඹේ කියන්න විශේෂ තොරතුරක් හෙළිදරව් කරනවා.

ඔහු කෘෂිකර්ම අමාත්‍යංශයේ උපදේශන සේවා වලින් ඉවත් කිරීමට එයත් හේතු වූ බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රසායනික සමාගමක නියෝජිතයෙක්

මහාචාර්ය මාරබේ සී.අයි.සී ආයතනයෙන් නියෝජිතයෙක් බව තමන් දැන සිටියා නම් ඔහුගේ සේවාව කිසිම විටෙක අමාත්‍යාංශයට නොගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

තමා ඒ බව දැනගත්තේ පරිසර සංවිධාන ගණනාවක් ඔහු ගැන ලියූ එවූ ලිපි වලින් පසුව බවයි අලුත්ගමගේ මහතා සඳහන් කරන්නේ.

සී.අයි.සී සමාගමේ වාර්ෂික විගණන වාර්තා පරික්ෂා කරද්දී ඔහු එහි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති බව තහවුරු වන බව සඳහන් කරන අමාත්‍යවරයා හැකිනම් එම සමාගමට ඔහු සේවාව නොසැපයූ බව ඔප්පු කරන ලෙසද දන්වා සිටිනවා.

ප්‍රසිද්ධියේ සමාව ගැනීම

එසේ කළහොත් තමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීමට සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

මහාචාර්ය මාරඹේ ග්ලයිෆොසෙට් තහනම් කළ වෙලාවේ රට පුරා යමින් ඊට එරෙහිව රසායනික සමාගම වෙනුවෙන් පෙනී සිටිමින් දේශන පැවැත් වූ බවටත් තොරතුරු අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

මහාචාර්ය මාරබේ කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදේශන සේවා සැපයූවේ නොමිලේ නොවන බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ සඳහා ගෙවීම් කළ බව සඳහන් කරන්නේ හැකිනම් නොමිලේ සේවාවක් සැපයූ බව ඔප්පු කරන ලෙස අභියෝගද කරමින්.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සති අන්ත ජාතික පුවත් පතක් සමග සමග සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 October 2021 12:42

Related items