May 17, 2024

ඉන්දීය යුද නෞකා 04ක් ත්‍රිකුණාමලයට පැමිණෙයි (PHOTOS)

ඉන්දියානු නාවික හමුදාවේ පලමු පුහුණු බල ඝණයට අයත් පුහුණු නෞකා හතරක් ඉන්දු ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ත්‍රිකුණාමල වරාය අධිකාරියට අයත් “අශ්රොප්“ ජැටියට පැමිණියා.

සුජාතා (Sujata), සුදර්ශණි(Sudarshini), තරංගිනි (Tarangini), වික්‍රම් (Vikem) යන සිවු නෞකා මෙලෙස ත්‍රිකුණාමල වරායට සේන්දු වු අතර ඉන් සුදර්ශනි හා තරංගිනි යන නෞකා ද්වීත්වය පුහුණු රුවල් නෞකා බව නාවික හමුදාව පවසා සිටියා.

සුජාතා නෞකාව දිගින් මීටර් 102ක් වන අතර එකසිය තිස්නමයක නැව් මුළුකින් සමන්විත වෙනවා.

සුදර්ශණි නැමැති පුහුණු රුවල් නෞකාවේ දිග  මිටර් 54ක් වන අතර එහි කාර්ය මණ්ඩලය 47කි. 

දිගින් මීටර් 54ක් වන තරංගනි රුවල් නේකාවේ කාර්ය මණ්ඩලය 47 වන අතර ඉන්දියානු වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වික්‍රම පුහුණු නැවේ දිග මීටර් 98ක් වන අතර එහි 93ක කාර්ය මණ්ඩලයකින් සමන්විත වනවා. 

අෂ්රොප් ජැටියේදි නාවික සම්ප්‍රදානුකූලව මෙම නෞකා පිළිගත් අතර ඒකාබද්ධ නාවික අභ්‍යාසයෙන් පසුලබන 28දා ත්‍රිකුණාමල වරායෙන් පිටත්ව යෑමට නියමිතයි.

මෙම කාලය තුල ලංකාවේ වැදගත් ස්ථාන නැරඹිමට යෑමද  සුහදත්ව වර්ධනය කරගැනිමේ වැඩ සටහනක්ද මෙම කාලය තුල පැවැත්වෙන බව නාවික හමුදාව පවසා සිටියා.

ත්‍රි'මලේ වරායට පැමිණි ඉන්දීය යුද නෞකාවල ඡායාරූප පහතින්,

(අමදෝරු අමරජිව - ත්‍රිකුණාමලය)

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 13:48