May 17, 2024

ඉන්දීය යුද හමුදාපති ත්‍රිකුණාමලයේ සංචාරයක (PHOTOS)

ශ්‍රි ලංකාවේ සංචාරයක් නිරතව සිටින ඉන්දීය යුධ හමුදාපති ජනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද (15 ) ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වුණා.

1987 වසරේ මෙරට පැමිණි ඉන්දීය සාම සාධක හමුදාවේ එකල ලුතිනන්වරයෙකු ලෙස සේවය කල මෙම යුධ හමුදා ප්‍රධානියා ත්‍රිකුණාමලය 4 කණුව ප්‍රදේශයේ තම කදවුරු තිබු ස්ථානය දැක බලා ගැනිම මෙහි විශේෂත්වයක් වුණා.

4 කණුව ප්‍රදේශයේ ඉන්දීය සාමසාධක කඳවුර ස්ථාපිත කර තිබු භූමියේදි එකල ලුතිනන්වරයෙකු ලෙස තමන් රාජකාරි කළ අයුරු ඔහු සමග පැමිණි සෙසු ඉන්දිය හමුදා නිලධාරිවරුන්ට පැහැදිලි කිරීමට ඉන්දීය හමුදාපතිවරයා කටයුතු කළා.

එම කාල වකවානුව තුල එක් අවස්ථාවකදි එල්ල වු ප්‍රහාරයක් මැඩ පැවැත්වු අයුරුද හමුදා ප්‍රධානියා මෙහිදි සිහිපත් කළා.

මෙම කදවුරට අමතරව ත්‍රිකුණාමල දිසාපති නිල නිවස තිබු ස්ථානයේ එකල තිබු ඉන්දීය හමුදා කදවුරක්ද ඉදි කර තිබු අතර හමුදා ප්‍රධානියා එහි ද රාජකාරි කර ඇති නිසා එම ස්ථානය දැකබලා ගැනිමද විශේෂත්වය වුණා.

හමුදාපතිවරයාගේ සංචාරයේ ඡායාරූප පහතින්,

(අමදෝරු අමරජිව - ත්‍රිකුණාමලය)

Rate this item
(1 Vote)
Last modified on Sunday, 17 October 2021 22:55