May 13, 2024

"ආයෝජකයෙක් ආවම ඉක්මනින් ගිවිසුම් අත්සන් කරන්න දක්ෂ වෙන්න ඕන" - ඇමැති ජෝන්ස්ටන්

"ගිවිසුම් තියනවා නම් ගිවිසුම් අත්සන් කරන්න ඕනි. ආයෝජකයෝ ආපුවහම ගිවිසුම් අත්සන් නොකර ඉන්න බැහැනේ." යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ආයෝජකයෙක් ආවම ඉක්මනින් ගිවිසුම් අත්සන් කර අවසන් කිරීමට රටක පරිපාලනය දක්ෂ විය යුතු බව ඇමැතිවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකරනු ලබන මහකිතුල ජලාශයේ ඉදිකිරිම් කටයුතු වල වර්ථමාන තත්ත්වය සොයා බැලීම සදහා පසුගියදා පොල්පිතිගම ඉරුදෙණියාය මහකිතුල ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

අපි සතුටු වෙන්න ඕනි

විදුලි බලාගාර ඇමරිකාවට පවරාදීමට ගිවිසුම් අත්සන් කිරීමට යන බවට එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

"ගිවිසුම් තියනවා නම් ගිවිසුම් අත්සන් කරන්න ඕනි. ආයෝජකයෝ ආපුවහම ගිවිසුම් අත්සන් නොකර ඉන්න බැහැනේ. ඒක අදද හෙටද කියන එක නෙවෙයි. ආයෝජකයෙක් ආපුවහම රටක පරිපාලනය දක්ෂ වෙන්න ඕනි ඉක්මනින් ගිවිසුම් අත්සන් කරලා අවසන් කරන්න. ඒ ඇමරිකානු ආයෝජකයෙක්ද, චීන ආයෝජකයෙක්ද ඉන්දියානු ආයෝජකයෙක්ද ජර්මන් ආයෝජකයෙක්ද බ්‍රිතාන්‍ය එක්කෙනෙක්ද කියන එක නෙවෙයි. විපක්ෂය කියන්නේ ආයෝජකයෝ ගේන්න බැහැ කියලා නේ. දැන් ආයෝජකයෝ ඇවිල්ලා තියෙනවා නේ. ඉතින් මේ කොවිඩ් වසංගතය තියෙන වෙලාවෙදි තමයි ආයෝජකයෝ ඇවිල්ලා තියෙන්නේ. ඒ ගැන අපි සතුටු වෙන්න ඕනි රටක් විදිහට.

ඉවසගෙන ඉන්න

"ගැස් මිල ඉහල ගිහින් තියනවා, ඉන්ධන මිල ඉහල යනවා කියලා ඉගි පලවෙනවා" යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා

"මේවා ඔක්කොම තාවකාලික දේවල් මේ තාවකාලිකව ඇතිවෙලා තියෙන අර්බුදයක් කොවිඩ් වසංගතය නිසා තමයි මේ අර්බුද ඔක්කොම වෙලා මේ ඔක්කොම තාවකාලික දේවල් මේ ඔක්කොම තව සති කීපයක් යනකොට පහව යනවා. මේ ගැන ජනතාවට අපි කියනවා අපිත් එක්ක ඉවසගෙන ඉන්න කියලා. තව සති කීපයක් යනවිට මේ ප්‍රශ්ණ ඔක්කොටම විසඳුම් දෙනවා."

Rate this item
(0 votes)

Related items