April 26, 2024

බඩු මිල,ඩොලරය පාලනය කරන්න ආණ්ඩුවකට බැහැ: ලොකුගේගෙන් විමල්ට පිළිතුරක්

බඩු මිල ඉහළ යෑම ආණ්ඩුවට පාලනය කිරීමට නොහැකි බව ගාමිණී ලොකුගේ විදුලි බල අමාත්‍යවරයා සඳහන් කරනවා.

කොවිඩ් අර්බූදය ඇති වීමෙන් පසු ඔහුගේ සෑම රටක්ම ආර්ථික වශයෙන් කඩා වැටුණු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වසංගත මර්දනය

එහෙත් රජයක් හැටියට කොවිඩ් මර්දනය කිරීමට අවශ්‍ය එන්නත් ආදී සියල්ලම ජනතාවට ලබා දෙමින් කටයුතු කළ බව ඔහු අවධාරණය කරනවා.

එහෙත් රජයට එන සියලු ආදායම් මාර්ග මේ වන විට වැසී ගොස් තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඊට හේතුද පෙන්වා දෙමින්.

සංචාරක ව්‍යාපාරය , අපනයන කර්මාන්ත සියල්ලම නැවතී රජය ඉතා අපහසු තත්ත්වයක සිටින බව පෙන්වා දෙන අමාත්‍යවරයා බඩු මිල වැඩි වීම ගැන රජයේ කැමැත්තක් නැති බව සඳහන් කරනවා.

ඩොලරයේ අර්බූදය

රුපියලට සාපේක්ෂව ඩොලරයේ මිල වැඩිවීම සමග භාණ්ඩ වල මිලද වැඩි වී තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

රටේ ජනතාවටත් මේ අවස්ථාවේ පොඩි අසීරුවක් තිබෙන බවත් එය කොවිඩ් අර්බුදය තියෙන තාක් කල් විදීමට සිදුවන බවට ඉඟියක් පළ කරන අමාත්‍යවරයා වසංගතය අවසන් වූ පසු රජය ජනතාවට සහන දීමට සූදානම් බවට පොරොන්දුවක්ද වනවා.

ලොකුගේ අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය අමතමින්

එහෙත් පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ඩොලරය ඉහළ යෑම පාලනය කිරීමට බැරිනම් මුදල් ඇමතිවරයෙකු , අගමැතිවරයෙකු , ජනපතිවරයෙකු සිටීමේ අවශ්‍යතාවයක් නැති බව ලොකුගේ අමාත්‍යවරයාම නියෝජනය කරන කැබිනට් මණ්ඩලය නියෝජනය කරන විමල් වීරවංශ අමාත්‍යවරයා මාධ්‍ය හමු තබමින් ප්‍රසිද්ධියේම කළ ප්‍රකාශයක්.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 14 October 2021 15:45