May 17, 2024

ඉන්දියාවේ කොටි ත්‍රස්තයන් ගැන හොයන පරික්ෂණවලට ශ්‍රී ලංකාවෙත් සහාය

ඉන්දියාව විසින් එල්.ටී.ටී.ඊ කොටි සංවිධානය සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශනයක් සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවල පුර්ණ සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

පාකිස්ථානයේ සිට අවි ආයුද සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සිද්ධියට සම්බන්ධ හිටපු එල්.ටී.ටී.ඊ කොටි සාමාජිකයන් පිරිසක් සම්බන්ධව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ විමර්ශන සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ශ්‍රී ලංකා රජයේ සහාය ලබාගැනීමට ඉන්දියාව සුදානම් බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදාළ සැකකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ලිඛිත ඉල්ලීමක් හරහා අනෝන්‍ය නීති ආධාර ගිවිසුම යටතේ ඉල්ලීමක් කර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය මෙන්ම බුද්ධි අංශ සහායද ලබාදීමට නියමිත බවත් වාර්තා වෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දූව මහතා සඳහන් කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ සඳහා සහාය ලබාදීමට සුදානම් බවයි.

ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු අවි ආයුද තොගයක් සහ හෙරොයින් තොගයක් සමඟ පසුගිය මාර්තු මාසයේ දී ඉන්දීය වෙරළ ආරක්ෂක නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙකු ඇතුළු තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු සිටි බවටයි වාර්තා වුණේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 08:00