May 17, 2024

ඉන්දීය ධීවරයන්ගෙන් නැවතත් ප්‍රහාරයක්! ලංකාවේ ධීවරයන්ගේ ආම්පන්න විනාශයි

ගෙවී ගිය දින තුනක කාලය තුලදී මුලතිව් ධීවරයින්ගේ රුපියල් මිලියන ගණනක් වටිනා දැල් ආම්පන්න සහ ධීවර යාත්‍රාවලට හානි කිරීම් හේතුවෙන් එම ධීවරයින් දැඩි ලෙස පීඩා විඳින බවට මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යලය පවසනවා.

මුලතිව් කල්ලපාඩු ප්‍රදේශයේ ධීවරයින් සිව් දෙනෙකු ඊයේ (12) දින මසුන් ඇල්ලීම් සඳහා මුහුදු ගිය අවස්ථාවේදී අනවසරයෙන් මුලතිව් මුහුදු සීමාවට ඇතුල් වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් විසින් කල්ලපාඩු ධීවරයින්ගේ දැල් සියල්ලක්ම ඉරා මුහුදට දමා පලා ගොස් තිබුණා.

මෙලෙස විනාශ කරන ලද ධීවර ආම්පන්නවල වටිනාකම රුපියල් ලක්ෂ තුනකට ආසන්න බවටද ධීවරයින් පවසා සිටියා.

මෙලෙසින් ගෙවී ගිය 10 සහ 11 යන දිනයන්හීද මුලතිව් මුහුදු තීරයේ ස්ථාන කිහිපයකදී ඉන්දියානු ධීවරයින් විසින් මුලතිව් ධීවරයින්ගේ දැල් ආම්පන් ඉරා දැමීම සහ ධීවර යාත්‍රාවලට හානි කිරීමේ සිදුවීම් වාර්ථා වී ඇතැයිද ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් සඳහන් කළා.

ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රාවලින් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් මුලතිව් ධීවරයින් බිය ගන්වා මෙලෙස දැල් ආම්පන්න විනාශ කිරීම මගින් මුලතිව් ධීවර කර්මාන්තය කඩා වැටීම සහ ඔවුන්ගේ ආර්ථීකයට දැඩි ලෙසින් බලපා ඇති බවටද ධීවර සංගම් අවධාරණය කරනවා.

එමෙන්ම මුලතිව් ධීවරයින් බොහෝ පිරිසක් නැවත පදිංචියෙන් පසු ධීවර ආම්පන්ල ලබාගෙන ඇත්තේ විවිධ වූ ණය යටතේ බැවින් මෙලෙස දැල් ආම්පන්න හා බොට්ටු විනාශ වීමෙන් ආදායමක් නොමැතිව අදාල නය වාරිකයන් ගෙවා ගැනීමට නොහැකිව සිටින බවයි වාර්තා වන්නේ.

ධීවරයින් දැඩි ලෙස පීඩාවන්ට පත්ව සිටින බැවින් වහාම ඉන්දීය ධීවර ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙසටත් විනාශ වූ දැල් ආම්පන්න වෙනුවෙන් වන්දියාක් ලබාදෙන ලෙසටත් මුලතිව් ධීවරයින් වැඩිදුරටත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

(රොමේෂ් මධුෂංඛ - වව්නියාව)

Rate this item
(0 votes)
Last modified on Friday, 15 October 2021 18:58