May 10, 2024

ඉන්ධන මිල ගැන අමිහිරි ඉඟියක්

ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉඟි පළ කරනවා.

මුදල් අමාත්‍යංශය විසින් මිල සහනයක් ලබා නොදෙන්නේ නම් මෙලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මෙලෙස පවසන්නේ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම යන දෙපාර්ශවයම මිල වැඩි කිරීමක් ඉල්ලා ඇති පසුබිමක යි.

එම ඉල්ලීම් මේවන විට සළකා බලමින් සිටින බව ද ගම්මන්පිල අමාත්‍යවරයා අනාවරණය කළා.

කෙසේ වෙතත් මිල වැඩි කිරීම පිළිබඳව අවසන් තීරණය මේවන තෙක් ගෙන නොමැති බව ද ඔහු පවසනවා.

පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් ඉහළ දමන ලෙසට යි ලංකා IOC සමාගම ඉල්ලීම් සිදු කොට ඇත්තේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 13 October 2021 10:32