May 12, 2024

ඩයනා කිපෙයි : පක්ෂයෙන් ඉවත් කළාට සජිත්ට ලුණු ඇඹුල් ඇතිවම දෙයි (VIDEO)

තමා පඹයෙක් නොවන බවත් තමාව පඹයකු කිරීමට කිසිවෙකුටත් හැකියාව නොමැති බව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අද (8) පාර්ලිමේන්තුව සමගි ජන බලවේගය අමතා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී අමතා ප්‍රකාශ කලා.

ඇය ඉතා උද්වේගකර හා තර්ජනාත්මකව කතාවක් පවත්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දැඩි විවේචනයට කළා.

පක්ෂයෙන් ඉවත් කිරීම

ඒ ඇයව සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන්.

තමා ඒ සම්බන්ධයෙන් දැනගත්තේ ඊයේ (7) රාත්‍රියේ මාධ්‍ය තමාගෙන් ඇසූ අවස්ථාවේ බවයි ගමගේ මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ.

ඇය පක්ෂය තමාගේ හා තම සැමියාගේ බව සඳහන් කළේ තමා අදටත් සමගි ජන බලවේගය සිටින යාව ජීව සාමාජිකාවක් බවද සඳහන් කරමින්.

නන්නත්තාර පිරිසක්

යන එන මං නැතිව නන්නත්තාරව හිටපු පිරිසකට පක්ෂය තමා ලබා දුන් බවත් සඳහන් කළ ඇය එසේ නොවන්නට අද සමගි ජනබලවේගය සිටින කිසිවෙකුටත් යාමට තැනක් නොමැති වන බවද පෙන්වා දුන්නා.

තමා සමගි ජනබලවේගය ඉවත් කිරීම තමාගේ ගෙදරට වැස්සට ගොඩ වූ පිරිසක් තමාවත් එළියට දමා ගෙදර යතුර අතට ගත්තා වගේ වැඩක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය සමගි ජන බලවේගය තුළ විවිධ කල්ලි හැදෙමින් පක්ෂය දෙකඩ වෙමින් යන ආකාරය ගැනද කරුණු සඳහන් කළා.

20 වෙනි සංශෝධනයට සහය දෙමින් තමා ආණ්ඩුවට එකතු වීම තමාගේ තීරණයක් බවත් ඉදිරියටත් මම ඒ ආකාරයටම කටයුතු කරන බවත් මන්ත්‍රීවරිය සමගි ජන බලවේගයට මතක් කර දුන්නා.

ඔප්පුව තිබෙන්නේ තමාගේ අතේ

තමාව පක්ෂයෙන් ඉවත් කිරීමට ඊයේ (7) සමගි ජන බලවේග කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ගත් තීන්දුවක් බව සඳහන් කලත් ඊයේ (7) කෘත්‍යාධිකාරී මණ්ඩලය පවත්වා නැති බවට එහි ඇතැම් සාමාජිකයින් තමාට පැවසූ බවද පෙන්වා දෙමින්.

සමගි ජන බලවේගයේ ඔප්පුව තිබෙන්නේ තමාගේ අතේ බවත් මෙවන් විහිලු ඉදිරියටත් නොකරන මතක තියා ගන්නා ලෙසත් මන්ත්‍රීවරිය සමගි ජන සමඟි ජන බලවේග නායකයාට මහ ලේකම්වරයාට මතක් මතක් කර දුන්නා.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වී ආණ්ඩුවට එක්කෝ මන්ත්‍රීවරියක්.

මන්ත්‍රීවරියගේ ප්‍රකාශය පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 October 2021 16:22

Related items