May 13, 2024

ඔය ඇමති කියවන්නේ පිස්සෙක් වගේ: වැඩ වඳුරගේ වගේ - ෆොන්සේකාගෙන් ප්‍රහාරයක් (VIDEO)

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා පිස්සෙක් වගේ දොඩවන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මහජන ආරක්ෂක ඇමතිකම දීමට කෙනෙක් ආණ්ඩුව පැත්තේ සොයාගන්න නැද්දැයි ප්‍රශ්න කළ ෆොන්සේකා මහතා ඕක දයාසිරි ජයසේකර මහතාට ලබා දෙන ලෙස ආණ්ඩු පාර්ශවයෙන් ඉල්ලීමක් කළා.

වඳුරාට දැලි පිහිය දීම

ඒ අවස්ථාවේ දයාසිරි ජයසේකර මහතාද සභාවේ සිටියා.

සරත් වීරසේකර මහතාට මහජන ආරක්ෂක ඇමතිකම දීම වඳුරාට දැලි පිහිය දුන්නා හා සමාන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඔහු කරන වැඩ වලින් සියල්ල විනාශ වන බවයි සඳහන් කරන්නේ.

මහජන ආරක්ෂක ඇමතිවරයාද පිස්සු කතා කිය කිය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි යන මාවතේම යන බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ වත්මන් ක්‍රියාදාමයද සභාවට මතක් කරමින්.

දර්ගා නගරය

දර්ගා නගරයේ ඇති කළ ආකාරයේ වැඩක් යළි ඇති නොකරන ලෙස තමන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටින බවද ෆොන්සේකා මහතා සඳහන් කළා.

ඒ ගලගොඩ අත්තේ ඥාණසාර හිමි යළි ත්‍රස්ත ප්‍රහාරයක් ඇති විය හැකි බවට කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 October 2021 05:00

Related items