May 12, 2024

ඇමති ජොන්ස්ටන්ගෙන් විපක්ෂයට වාසියක්! ඉල්ලීම් ඉටු කරන්නත් සැරසෙයි

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් නොව විපක්ෂ මන්ත්‍රීවරුන් ඉල්ලීම් කළ පාරවල්ද සංවර්ධනය කරනවා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ පරිදි ප්‍රමුඛතා මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය මගින් මගින් කෘෂිකර්මාන්තය සිදු කරන ප්‍රදේ‍ශවල සංවර්ධනය කළ යුතු යැයි හඳුනාගත් මාර්ග සියල්ල කඩිනමින් සංවර්ධනය කිරීමට අමාත්‍යාංශයේ ලේකම්වරයාට තමන් උපදෙස් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම ප්‍රදේශය වල ඇති මාර්ග සංවර්ධන කිරීම තුලින් ගොවි ජනතාවට තමන්ගේ කෘෂි නිෂ්පාදනය ප්‍රමාදයකින් තොරව ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන යාමට හැකි බවත් එයින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කළහැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල පාසැල් වලට ප්‍රවිශ්ඨ වන ප්‍රවේශ මාර්ග සියල්ලද ග්‍රාමීය රෝහල්වලට ප්‍රවිශ්ඨ වන ප්‍රවේශ මාර්ග සියල්ලටද ප්‍රමුඛත්වය ලබාදී සංවර්ධනය කරන බව ඔහු පවසා සිටියා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් විසින් ඔවුන්ගේ ප්‍රදේශවල සංවර්ධනය කළයුතු බවට යෝජනා කළ මාර්ග සියල්ලද මෙම ප්‍රමුඛතා මාර්ග සංවර්ධන ව්‍යාපෘති මගින් සංවර්ධන කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 October 2021 11:24

Related items