May 17, 2024

ඉන්දියානු විදේශ ලේකම් සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලාංකික සම්භාවනීය පුද්ගලයන් සමඟ පැවති ඵලදායී ද්විපාර්ශ්වික සබඳතාවලින් අනතුරුව, ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා 2021 ඔක්තෝබර් 5 වැනි දින සිය පළමු ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කර දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම දින තුනක සංචාරය අතරතුර දී විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මහතා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයන් හමුවුණා.

අග්‍රාමාත්‍යවරයා සමඟ අරලියගහ මන්දිරයේ පැවති  රැස්වීමෙන් අනතුරුව, ඉන්දියානු රජය විසින් අරමුදල් සපයන ලද සංවර්ධන ව්‍යාපෘති 4 ක් අතථ්‍ය මාධ්‍ය ඔස්සේ භාර දීම සඳහා සමාරම්භක උත්සවයක් ද පැවැත්වුණා.

පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය මහා විද්‍යාලය සඳහා සිව්මහල් ගොඩනැගිල්ලක්, වඩමරච්චි කාන්තා විද්‍යාලය සඳහා ශ්‍රවණාගාරයක්, මාතලේ, නුවරඑළිය, බදුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කවල ග්‍රාමශක්ති නිවාස 1,035 ක් සහ වව්නියාව දිස්ත්‍රික්කයේ මැණික් ෆාම් ප්‍රදේශයේ නිවාස 24 ක් ඉදි කිරීම සඳහා වූ මෙම සංවර්ධන ව්‍යාපෘති සමාරම්භක උත්සවයට විදේශ අමාත්‍යවරයා, අධ්‍යාපන අමාත්‍යවරයා, වැවිලි අමාත්‍යවරයා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා, කම්කරු අමාත්‍යවරයා සහ ධීවර අමාත්‍යවරයා සිටියා.

මෙම සමාරම්භක උත්සවයේදී, අන්තර් පුද්ගල සබඳතා අපගේ සම්බන්ධතාවයේ වැදගත්ම අංගය බව අවධාරණය කළ විදේශ අමාත්‍යවරයා, ඒ සඳහා 2021 ඔක්තෝබර් 20 දින සිදු කිරීමට නියමිත කුෂිනගර් වෙත යන පළමු බෞද්ධ වන්දනා කරුවන් කණ්ඩායමේ ගුවන් ගමන ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා පිළිබඳ සන්ධිස්ථානයක් වනු ඇතැයි පවසා සිටියා.

ඉන්දියාවේ කුෂිනාගර් හි නව ජාත්‍යන්තර ගුවන් තොටුපල සමඟ, විශේෂයෙන්ම බෞද්ධ ගමන් මාර්ගය හරහා සම්බන්ධීකරණ වැඩසටහන් සඳහා දෙරටම කටයුතු කිරීම කාලෝචිත වන බව විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මහතා ද අවධාරණය කළා.

දෙරට විසින් උනන්දුවක් දක්වන පුළුල් දේශපාලන, ආර්ථික, ආරක්‍ෂක හා සංස්කෘතික කරුණු ආවරණය වන පරිදි, ඉන්දීය විදේශ ලේකම් සහ ශ්‍රී ලංකා විදේශ ලේකම් අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡා 2021 ඔක්තෝබර් 04 දින විදේශ අමාත්‍යාංශයේ ජනරජ ගොඩනැගිල්ලේදී පැවැත්වුණා.

විදේශ ලේකම්වරු රජයන් අතර සමීප උපදේශන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපේක්ෂාව පළ කළා.

විශේෂයෙන් තොටුපල සේවා, මුහුදු සම්බන්ධකතාවය සහ ගුවන් ගමනාන්ත වැඩි කිරීම, විදුලිබල පද්ධතිය සහ ඩිජිටල් සම්බන්ධතාවය ඇතුළුව, හැකි සෑම ආකාරයකින්ම දෙරට අතර සම්බන්ධකතාවය වැඩිදියුණු කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වයම පිළිගත්තා.

අනෙකුත් කරුණු අතර, බෞද්ධ උරුමය මත පදනම් වූ ශක්තිමත් සංස්කෘතික හා ශිෂ්ටාචාරී සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

වඩාත් වැදගත් වන ලෙස, විශේෂයෙන් ලංකාවේ ඖෂධ නිෂ්පාදන හා තොරතුරු තාක්‍ෂණ අංශවල ආර්ථික ව්‍යාපාර සඳහා ආයෝජනය කිරීමට ඉන්දියානු ව්‍යාපාර ගෙන ඒමයි ඇතුළුව, දෙරටේම ජනතාවගේ සමෘද්ධිය ඇති කිරීම සඳහා පවතින සූදානම පිළිබිඹු කරන ගැඹුරු මැදිහත්වීම්වල වර්තමාන ජවය අඛණ්ඩව පවත්වාගෙන යාමට දෙපාර්ශ්වය එකඟ වුණා.

ඔහු ශ්‍රී ලංකාවේ ගතකළ කාලය තුළ දී විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මහතා යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර යන ප්‍රදේශවල සහ ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය ඇතුළු කොළඹ පිහිටි සංස්කෘතික හා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් ස්ථානවල සංචාරය කළා.

අන්‍යෝන්‍ය වශයෙන් පහසු නොබෝ දිනකදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ලෙස ඉන්දීය විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයාට ආරාධනාවක් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 11:08