May 17, 2024

ඉන්දීය විදේශ ලේකම් ත්‍රි'මලේ තෙල් ටැංකි බලන්න යයි

සිව්දින සංචාරයක් සඳහා ඊයේ (02) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා අද (03) දිනයේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණය නිරික්ෂණය කිරීම සඳහා එක්වී සිටියා.

එහීද තෙල් ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු - ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් පිළිබඳව ලේකම්වරයාගේ අවධානයට යොමුකර තිබුණා.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පවත්වාගෙන යනු ලබන ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව මේ පිළිබඳව දැනුවත් කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 October 2021 14:27