May 17, 2024

ඉන්දීය විදේශ ලේකම් ලංකාවට එයි! ත්‍රිකුණාමලයෙත් සංචාරයකට සුදානම්

ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයෙන් හෙට (01) දිනයේ නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණිමට නියමිත අතර ඒ මහතා ලබන 05 වැනිදා දක්වා මෙරට රැඳි සිටීමට නියමිතයි.

මෙම සංචාරය දෙරට අතර පවතිනා දීර්ඝ කාලීන බහුවිධ සබඳතා තහවුරු කර ගැනීමට සහ ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට දායක වනු ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා විදේශ ලේකම්වරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවට අමතරව, විදේශ ලේකම් ෂ්‍රින්ග්ලා මහතාගේ වැඩ සටහනට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යරයාව ද හමුවීමට නියමිතයි.

මෙහි පැමිණෙන විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ දී, මහනුවර, ත්‍රිකුණාමලයේ සහ යාපනයේ ද සංචාරය කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තා වෙනවා.

ඉන්දියානු විදේශ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව, ඔහු නිරත වන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වෙයි.

Rate this item
(0 votes)