May 10, 2024

ලෝක බැංකුව ලංකාවේ වැඩක් අගයයි! ඩොලර් මිලියන 500ක් දුන්නා - ඇමති ජොන්ස්ටන් කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන සැලැස්ම ලෝක බැංකුවේ ඇගයීමට ලක්වී ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

මෙම ව්‍යාපෘතිය මගින් සාර්ථක ප්‍රතිඵල පෙන්වීම හේතුවෙන් ගම් හා නගර සම්බන්ධ කරමින් ආරක්ෂිතව හා දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස මාර්ග සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ලබා දීමට තීන්දු කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.

ගම් හා නගර සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් ලෙස සහ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව මඟින් මෙම මුදල ශ්‍රී ලංකාවට අනුමත කර දුන් බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙම ව්‍යාපෘතිය මඟින් සමස්ත දිවයිනව ආවරණය වන පරිදි මාර්ග කි.මි 3000ක් පමණ මෙමඟින් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එමෙන්ම ග්‍රාමීය වශයෙන් කෘෂිකාර්මික භෝග එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන සහ භෝග ගබඩා කිරීමේ මධ්‍යස්ථාන ද මෙම ව්‍යාපෘතිය මඟින් ඉදි කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

Rate this item
(1 Vote)

Related items