May 10, 2024

"ලොකු අවුලක්" පෙන්වා RDA නිලධාරීන් ඇමති ජොන්ස්ටන්ගෙන් කළ ඉල්ලීම

September 29, 2021

පසුගිය යහපාලන රජය යටතේ සිදුවූ වංචා හා දූෂණ  පිලිබදව විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙස මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අද (29) මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

විශේෂයෙන්ම පසුගිය යහපාලන කාලයේදී ලබාදුන් මහාමාර්ග ඉදිකිරීමේ හා සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත් බොහොමයක් නිසි පරිදි ඉටුකර නොමැති බවත් අධිවේගී මාර්ග ඉදිකිරීමේදී හිතා මතාම ප්‍රමාදයන් කලාද යන්න පිලිබදවද සොයා බලන ලෙසත් අමාත්‍යවරයාගෙන් මෙම නිලධාරීන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

විශේෂයෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ පලමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස හා දෙවන කොටස වන මීරිගම සිට පොතුහැර කොටස පිලිබදව විශේෂ අවධානයක් යොමු කරන ලෙසද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නිලධාරීන් විසින් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.

තවද විශාල වශයෙන් පසුගිය යහපාලන කාලයේදී අතරමග නවතා දැමුණු මාර්ග ඉදිකිරීම් කටයුතු හා සංවර්ධනය කිරීම් නැවත ජනතාව වෙනුවෙන් ආරම්භ කරන ලෙසද මෙම නිලධාරීන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

එම කරුණු කාරණා පිලිබදව අවශ්‍ය තොරතුරු තමාවෙත ලබා දෙන ලෙසත් පසුගිය යහපාලන කාලයේදී අතර මග නැවතුන මාර්ග ඉදිකිරීම් ජනතාව වෙනුවෙන් ඉටු කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ප්‍රකාශ කර තිබෙනවා.

විශේෂයෙන්ම සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අවශ්‍ය ඉලක්ක කරා යෑමට සියළුම නිලධාරීන් එක්විය යුතු බවට අමාත්‍යවරයා සඳහන් කළා.

මාර්ග සංවර්ධනය කිරීමේදී තම තමන්ගේ දේශපාලන මත පසෙක තබා ජනතාවට සේවය කිරීම ඉතාම වැදගත් සේ සලකා ජනතා සේවය අංක එකට තබා ගන්න ලෙසත් අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට අවධාරණය කළා.

Rate this item
(2 votes)

Related items