May 10, 2024

කොළඹ එන්න තිබූ බාධාවක් ඉවතට! ඇමැතිගෙන් ප්‍රකාශයක්

September 27, 2021

කොළඹ - හොරණ මාර්ගයේ පාමංකඩ, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත, W.A.සිල්වා මාවත හරහා වැල්ලවත්ත දක්වා මංතීරූ 4ක් යටතේ පුළුල් කොට සංවර්ධනය කල මාර්ගයේ වැඩ අවසන් අදියරේ ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ මෙම මාර්ග කොටස පුළුල් කොට සංවර්ධනය කිරිම සහ පාමංකඩ පාලම පුළුල් කොට ඉදිකිරීමත් සමඟ දැනට පාමංකඩ - ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත හරහා එක් දිශාවකට (One-way) ගමන් කරන රථවාහන වලට දෙදිශාවටම ගමන් කිරීමට හැකියාවක් ලැබන බවයි.

එමෙන්ම කොහුවල සහ පාමංකඩ නගර වල පවතින අධික රථවාහන තදබදයට මෙමඟින් විසඳුම් ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම මාර්ග කොටස පුළුල් කර සංවර්ධනය කිරීම සහ පාමංකඩ පාලම ඉදිකිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ දක්ෂිණ මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය (SRCP) මඟින් සිදු කෙරෙන අතර ඒ සදහා රුපියල් මිලියන 210ක මුදලක් වැය වන බවයි මහාමාර්ග අමාත්‍යාංශය පැවසූවේ.

Rate this item
(3 votes)

Related items