April 27, 2024

ඡන්දය කල් දැමීමේ සූදානමක්? Featured

September 26, 2021

ලබන පෙබරවාරියේ පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය තව වසරකින් කල් දැමීමට රජයේ අවධානය යොමු ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

දැනට පවතින පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ පෙබරවාරිය වන විට අවසන් වනවා.

ඇතැම් පළාත් පාලන ආයතනයන් මෙම සැප්තැම්බර් මස සිට විසුරුවා හැරීමෙට බලතල තිබුණත්, පළාත් පාලන අමාත්‍යවරයාට එම මැතිවරණය වසරකින් කල් දැමීමට තිබෙන බලතල උපයෝගී කරගෙන මෙම මැතිවරණය කල් දැමීමට සාකච්ඡා කරමින්පවතින බව වාර්තා වනවා.

කොවිඩ් තත්ත්වය හමුවේ වසර දෙකකට ආසන්න කාලයක් ජනතාවට නිසි සේවයක් කිරීමට නොහැකි වූ බව ඉදිරියට ගෙන එමින් මෙම මැතිවරණ කල් දැමීම කිරීමට යන බව ආරංචි මාර්ග සඳහාන් කරනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 26 September 2021 23:52