May 17, 2024

ඉන්දියාවේ සිරගතව සිටින ලාංකිකයන් පිරිසක් සියදිවි නසාගන්න හදයි

September 22, 2021

‍ඉන්දියාවේ සිරගෙදරක සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සියදිවි නසා ගන්න ගත් උත්සාහයක් පිළිබඳව වාර්තා වෙනවා.

මෙලෙස සියදිවි නසා ගන්න උත්සාහ කර ඇත්තේ දකුණු ඉන්දියානු බන්ධනාගාරයක් තුළ පිහිටා ඇති විශේෂ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙක්.

මෙම පිරිස පසුගිය මාසයක කාලයක් තුළදී අවස්ථා කිහිපයක සියදිවි නසා ගන්න උත්සාහ කර ඇති බවට වාර්තා වන අතර කිසිවෙකුගෙත් ජීවිත හානියක් සිදු වී නැති බවත් සඳහන් වෙනවා.

වාර්තා වන අන්දමට තමිල්නාඩු තිරුච්චිරාපල්ලි පිහිටි මධ්‍යම බන්ධනාගාරයේ පසුගිය අගෝස්තු මස 18 වැනිදා දිනයේ දී රැඳවියන් 17 දෙනෙකු සියදිවි නසා ගැනීම සඳහා උත්සහා කර තිබෙනවා.

ඉන් දින 12කට පමණ පසුව තවත් 12 දෙනෙකු ද මෙලෙස සිය ජීවිත හානි කරගැනීමට උත්සාහයක් දරා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස රඳවා ඇති පිරිසගෙන් බොහෝ දෙනෙකුට විදේශ ගමන් බලපත්‍ර හෝ වීසා නොමැති බවද ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම රැඳවියන් අතර යුද සමයේ පලාගිය එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන්ද සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය සති කිහිපය මුළුල්ලේ ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් තමන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් විරෝධතාවක් ද සිදුකර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 September 2021 16:37