May 02, 2024

අගමැතිගේ ආරක්ෂකයාට අලි දෙන්නෙක්: කොහොමද ලැබුණේ - අනුර කුමාර ප්‍රශ්න කරයි

September 22, 2021

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අලි ප්‍රශ්නයේ ගැන විශේෂ හෙළිදරවුවක් පාර්ලිමේන්තුවේ කලා.

ඔහු ඊට පදනම් කරගත්තේ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා අලුතින් ප්‍රකාශයට පත්කර තිබෙන ගැසට් පත්‍රිකාවක්.

ගැසට්ටුවේ අවුල

සම්ප්‍රදායිකව ගැසට් පත්‍රිකාවක් නිකුත් කරන්නේ කැබිනට් ඇමැතිවරයෙකු වුවද මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යවරයෙකු බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා අලි ප්‍රශ්නය තුළ තිබෙන හීනමානය පිළිබඳ කතාවකුත් හෙළිදරව් කළා.

එදා අලි සිටි වංශවත් පවුල්වල හා ගැලපීම සඳහා කුඩු , මත්පැන් ආදී දූෂිත ව්‍යාපාර වලින් හා දේශපාලන බලයෙන් මුදල් සොයා ගන්නා අලුත් කුලකයක් අලි ඇති කිරිමේ පිළිවෙලක 2000 පසු නිරත වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

අලි වර්ග තුනක්

මේ රටේ අලි වර්ග තුනක් ඉන්න බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ ලියාපදිංචි අලි , ලියාපදිංචි නොකල අලි සහ නඩු භාණ්ඩ වශයෙන් සිටින අලි බවයි සඳහන් කරන්නේ.

නඩු භාණ්ඩ ලෙස අලි 38ක් සිටින බවයි මන්ත්‍රීවරයා කියන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය පදනම් කොටගෙන නඩු භාණ්ඩ ලෙස සිටී අලි මෙන්ම ඇති කර ගැනීමට නොහැකිව සිටි අලි 15 දෙනෙකු නිදහස් කළ බවත් එසේ නිදහස් කළ අලි හිමිකරුවන් දෙනෙකුගේ නම් පිළිබදවත් හෙළිදරව්වක් මන්ත්‍රීවරයා කළා.

නිදහස් කළ විශේෂ අලි තිදෙනා

ඉන් එක් අලියෙක් අයත් වන්නේ මිරිහාන ප්‍රදේශයේ පදිංචි එන්.ජී.රාජපක්ෂ නොහොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට බවත් එම අලියා අයියා විසින් මල්ලිට එනම් මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රදානය කළ අලියෙක් බවත් අනාවරණය කළා.

තවත් අලි දෙදෙනෙකු අයත් වන්නේ නෙවිල් වන්නිනායක නැතී සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙකුට බවත් ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටින නෙවිල් වන්නිනායක බවටත් තොරතුරු මන්ත්‍රීවරයා හෙළිදරව් කළේ සාමාන්‍ය ආරක්ෂක නිලධාරියෙකුට අලි දෙන්නෙක් ගැනීමට මුදල් කොහෙද යන්නත් ප්‍රශ්න කරමින්.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 22 September 2021 14:54