May 19, 2024

බඩු මිල වැඩිවෙන හැටි ඇමැති කියයි! සමාගම් එක්ක ගිවිසුම් ගහලත් ඉවරයි

September 21, 2021

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් හා සිමෙන්ති මිල අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මිල වැඩි වීමක්

ඔහු මේ බව පැවසූවේ රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q-shop අලෙවි සලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවීම අනුව යම් කිසි ආකාරයකට මෙම භාණ්ඩවල මිල වැඩි වීමක් සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ පිළිබඳ තීරණය මේ සතියේ දී අවසනයේ දැනුම් දෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

දැඩි කොන්දේසි 

කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් හා සිමෙන්ති මිල ඉහළ දැමීමේ දී පාරිභෝගිකයා ආරක්‍ෂා කර ගැනීම සඳහා අදාල ආනයනික සමාගම්වලට දැඩි කොන්දේසි පැනවූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළා.

මිල ඉහළ දැමීමෙන් පසුව අඛණ්ඩව වෙළෙඳපොලට සැපයුම් කිරීම, දෛනිකව සැපයුම පාරිභෝගික අධිකාරියට වාර්තා කිරීම, මිල වැඩි කර මාස තුනක් යන තෙක් නැවත මිල වැඩි කිරීමට ඉල්ලීම් කිරීමට නොහැකි වීම සහ අදාල සමාගම්වල විදේශ මව් සමාගම් සමඟ සාකච්ඡා කර ඩොලර් ගෙවීමකින් තොරව මාස හයක් හෝ වසර කාලයක් සැපයුම ලබාගැනීම ආදී පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා වන ගිවිසුමක් අත්සන් කළ බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 22:54