May 02, 2024

ආණ්ඩුවෙන් මහා පරිමාණ වී මෝල් පහක්: රාජ්‍ය ඇමති

ආණ්ඩුව මැදිහත් වීමෙන් වී මහා පරිමාණ වී මෝල් පහක් ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානම් බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

සමුපකාර අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම මහා පරිමාණ වී මෝල් පහ ඇතිකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කැබිනට් මණ්ඩල අනුමැතිය

ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

විශේෂයෙන්ම ඉලක්ක කරන්නේ කුඩා පරිමාණ වී මෝල් හිමියන්ට සහන ලබා දී ඔවුන් ශක්තිමත් කිරීම බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

කුඩා වී මෝල් හිමියන්

කුඩා වී මෝල් හිමියන්ට මහා පරිමාණ වී මෝල් හිමියන්ට තිබෙන තාක්ෂණික පහසුකම් නොමැති බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඒ නිසා කුඩා වී මෝල් හිමියන්ට සිය වී ටික අරගෙන වෙනත් පහසුකම් තිබෙන ස්ථාන කරා පෑමට සිදුව තිබෙන බව සඳහන් කරනවා.

නව මහා පරිමාණ වී මෝල් පහ ඉදිකිරීමෙන් පසු ඒ හරහා කුඩා වී මෝල් හිමියන් සමුපකාරය හරහා සම්බන්ධීකරණය කොට ඔවුනටද අවශ්‍ය තාක්ෂණික පහසුකම් සැපයීමද ඉලක්ක කර තිබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 12:14