May 04, 2024

පාර්ලිමේන්තුව අද රැස්වෙයි - සුරාසැල් ගැනත් නිවේදනයක්

September 21, 2021

මෙරට පවතින කොවිඩ්-19 අවදානම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දින දෙකක් පමණක් රැස්වීමට තීරණයක් ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) දිනයේ පමණක් රැස්වීමට නියමිතයි.

අද පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විශේෂ නියෝග 11ක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද පාර්ලිමේන්තුවේ විවාදයන් සඳහා වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05ක් සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක් ඉදිරිපත් කිරීමට නියමිත අතර විවාදයෙන් අනතුරුව ඒවා සම්මත කරගැනීමට නියමිතයි.

ඊට පෙර සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

හෙට (22) දිනයේ දී රැස්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 08:05

Related items