May 10, 2024

බැරිම තැන ඇමැති පාරට බහී! අවුල් තැන හදන්න යයි

September 20, 2021

මාර්ග සංවර්ධන කටයුතු සිදු කෙරෙන ස්ථාන වල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ග සංඥා, ආරක්ෂිත ලාම්පු, අනතුරු හඟවන විදුලි ලාම්පු, වහාම සවි කරන ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් ප්‍රේමසිරි මහතා ඇතුළු මාර්ග අධිකාරියේ ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තවද රථවාහන පාලක සංඥා රැගත් සේවකයින්ද යොදවන ලෙසත් වේගය පාලනය කිරීම සදහා තාවකාලික මාර්ග ගැටි ඉදිකරන ලෙසත් අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඔහු මෙම උපදෙස් ලබා දෙනු ලැබුවේ ඊ‍යේ (19) සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදී ය.

තමන් මේ දිනවල දිවයිනේ මාර්ග සංවර්ධන පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවන්වල නියැලුණ බවත් සමහර ස්ථානවල නිසි ආකාරයට අනතුරුදායක ස්ථාන පිළිබඳ විධිමත් ලෙස අනතුරු හැඟවීමේ සංඥා සවි කර නොමැති බවත්, වේග පාලන ගැටි ඉදිකර නොමැති බවත් අමාත්‍යවරයා විසින් පෙන්වා දී තිබෙනවා.

වහාම සතියක් ඇතුල මාර්ග සංවර්ධනය සිදු කෙරෙන ස්ථාන වල මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අනතුරු සංඥා ,අනතුරු හැඟවීමේ සංඥා හා මාර්ග සංඥා වේගපාලන ගැටි යොදා ගන්නා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ දැවැන්ත සංවර්ධනය වගේම ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ මහජන ආරක්ෂාව සඳහා බවයි.

එම නිසා සියලුම ඉංජිනේරුවන්, සියලුම මාර්ග සංවර්ධනයට අදාල වන පාර්ශව හා කොන්ත්‍රාත්කරුවන් වහාම දැනුවත් කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

Rate this item
(0 votes)

Related items