April 27, 2024

ගම්මන්පිලගේ ඇමරිකන් විරෝධයට තිත: අවුල් සමාගමක් සමග හවුලක් ගැන සාකච්ඡාවක

September 21, 2021

එදා එම්.සී.සී ගිවිසුමට එරෙහිවූ උදය ගම්මන්පිල මහතා දැන් ඇමරිකාවේ සමාගමක් සමග ගිවිසුමකට එළඹීමට සූදානම් වන බව සමගි ජන බලවේගය හෙළිදරව් කරනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කර තිබෙන එම හෙලිදරව්ව තුළ අදාල සිද්ධියට සම්බන්ධ සමාගම් වල නම් ගම්ද සඳහන්ව තිබෙනවා.

මන්නාරම් දෝණියේ ගෑස් නිධිය

මන්නාරම් ද්‍රෝණියේ ස්වාභාවික ගෑස් ගැනීම සඳහා එකඟතාවයකට පැමිණීම සඳහා ඇමරිකාවේ එක්සෝන් මොබයිල් සමාගම සමඟ සාකච්ඡා පවත්වන බවයි මන්ත්‍රීවරයා හෙළිදරව් කරන්නේ.

එම සමාගමේ ඉතිහාසය ගැනද මන්ත්‍රීවරයා විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කර තිබෙනවා.

ඇමරිකාවේ හිකන් ලූපර් නීතිය මුලින්ම මේක දශක හයකට පෙර ක්‍රියාත්මක කළේ ලංකාවට එරෙහිව බව සඳහන් කරන මන්ත්‍රීවරයා එහිදී ඊට ගෑවී සිටියේ ගම්මන්පිල අමාත්‍යවරයා සාකච්ඡා පවත්වන එක්සෝන් මොබයිල් සමාගම බවයි සඳහන් කරන්නේ.

අවුල් සහගත සමාගමක්

එම සමාගම එදා එසෝ නමින් හැදින් වූ බවත් එම සමාගම ලංකාවෙන් පයින් ගසා එළියට දැමූ සමාගමක් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

ගම්මන්පිල මහතා සිය යහපාලන ආණ්ඩු සමයේ ඇමරිකාව සමග එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමට ගිය අවස්ථාවේ ඊට එරෙහිව හඬ නැගූ ප්‍රධාන පුද්ගලයකු බවයි ආචාර්ය ද සිල්වා පෙන්වා දෙන්නේ.

එවන් පුද්ගලයෙකු අද ඇමරිකාවේ පවා කලක අප්‍රසාදයට පත්ව සිටි සමාගමක් සමඟ ගිවිසුම් ගැසීමට යන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙම කරුණු හෙළිදරව් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 20 September 2021 20:08