May 17, 2024

ඉන්දියාවෙන් යොහානිට අලුත් නතතුරක්! ඉන්දියාව ප්‍රකාශයකුත් නිකුත් කරයි

September 20, 2021

ඉන්දියාව තුළ මේ වන විට අතිශයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති "මැණිකේ මගේ හිතේ" ගීතය ගායනා කරන යොහානි දිලෝකා ද සිල්වා නැතිනම් කවුරුත් දන්න යොහානි ඊයේ පසුගිය 18 වැනිදා ඉන්දියාවේ ප්‍රධාන පෙළේ රූපවාහිනි නාලිකාවක් වන NDTV හී විශේෂ සාකච්ඡාවකට සහභාගී වුණා.

ඇය ගායනා කරනු ලබන "මැණිකේ මගේ හිතේ" ගීතය මේ වන විට යුටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹූම් වාර මිලියන 110ක් අභිබවා ගොස් තිබෙනවා.

ඉන්දියානුවන් අතර අතිශයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති මෙම ගීතය නිසා ඇය වෙනුවෙන් ඉන්දියානුවන් ද බොහෝ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා.

ඒ අනුව පසුගිය 18 වැනිදා මෙරට පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිල ට්විටර් ගිනුමේ සඳහන් කර තිබුණේ යොහානි මේ වන විට ඉන්දු - ශ්‍රී ලංකා නවතම සංස්කෘතික තානාපතිනියක් වී ඇති බවයි.

ඔවුන් එම ට්විටර් පණිවිඩය හරහා වැඩිදුරටත් පවසා තිබුණේ නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාලිකාවක පෙනී සිටිම අභිමානවත් මොහාතක් බවයි.

මිලියන 110කට වැඩි යුටියුබ් නැරඹුම් වාර හිමි කරගත් ඇයගේ "මැණිකේ මගේ හිතේ" ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන ගණනකගේ හදවත් සොරාගෙන ඇති බවට එම ට්විටර් පණිවිඩය ඔස්සේ පවසා තිබුණා.

වසර දහස් ගණනක් පැරැණි වූ ඉන්දු - ලංකා සබඳතාවය සැබෑ මිහිරි බව සහ ගැඹූර මෙමඟින් යළිත් පිළිබිඹූ වන බවද මහකොමසාරිස් කාර්යාලය පවසා තිබුණා.

මේ බව තැබූ නිල ට්විටර් පණිවිඩය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 20 September 2021 08:30