May 10, 2024

අනුරාධපුරයේ පාරවල් හැදිල්ල ඉක්මන් කරයි

September 16, 2021

උතුරු මැද පළාත් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ආරම්භ කල මාර්ග සංවර්ධන ව්‍යාපෘතින් සියල්ල කඩිනමින් නිම කරන්නැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම මාර්ග වලට පහුගිය යහපාලන කාලයේ කිසිම මාර්ගයක වැඩ ආරම්භ කර නොතිබූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

උතුරු මැද පළාත් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ආරම්භ කල මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ල කඩිනමින් අවසන් කලයුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

පසුගිය යහපාලන රජය මෙම මාර්ගවල සංවර්ධන කටයුතු ආරම්භ කරනවා තබා කිසිම වැඩක් නොකර ජනතාව අමු අමුවේ රවටා ඇති බව පැවසූ අමාත්‍යවරයා තමන් මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කලේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බවත් සඳහන් කළා. 

උතුරු මැද පළාත් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ කිලෝමීටර් විසි හතක දිගින් යුත් තලාව කැකිරාව මාර්ගය (B 213), කිලෝමීටර් හතක දිගින් යුත් කැකිරාව ගනේවල්පොල මාර්ගය (B212) කිලෝමීටර් හතළිස් පහක දිගින් යුත් ගනේවල්පොල දාච්චිහල්මිල්ලෑව මාර්ගය (B133)  ඇතුළු තවත් මාර්ග වල සංවර්ධන කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

මිලියන 6745ක මුළු වියදම යටතේ කිලෝමීටර් අසූදෙකක දුරක් සංවර්ධන කෙරෙනවා.

Rate this item
(0 votes)

Related items