May 04, 2024

කබ්රාල්ගේ මන්ත්‍රීකම ශ්‍රී ලංකා ජාතික පෙරමුණේ නායකයාට?

September 12, 2021

සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පැමිණෙන්නේ කවුරුන්දැයි යන්න පිළිබඳ විවිධ කසුකුසු තියෙනවා.

බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු පැමිණීම සඳහා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතාට පුරප්පාඩු වන මන්ත්‍රී ධූරය ලබා දීමට නියමිත බවටද මත පළ වනවා.

කෙළෙහි ගුණ සැලකීම

එහෙත් දැනගන්නට තිබෙන ආකාරයට පොදු ජන පෙරමුණ පක්ෂය පිහිටුවීමට සිය පක්ෂය ලබා දුන් පුද්ගලයාට පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ලබාදීමට ආණ්ඩුව සූදානම් බවයි වාර්තා වන්නේ.

ඒ පොදුජන පෙරමුණ පිහිටුවීම සඳහා සිය පක්ෂය ලබාදීම වෙනුවෙන් ඔහුට කරන කළගුණ සැලකීමක් හැටියටයි.

ඒ අනුව එසේ සිය පක්ෂය ලබා දුන් විමල් ගීගනගේ මහතාව පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරනු ඇති බවයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

පොදු ජන පෙරමුණ පිහිටුවීම සඳහා ලබා දුන්නේ මේ වන විට 68 වන වියේ පසුවන ගීගනගේ මහතා බිහි කළ සහ නායකත්වය දැරූ ශ්‍රී ලංකා ජාතික පෙරමුණයි.

මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම

හෙටින් එළඹෙන සතියේ මුල් දිනෙක දැනට රාජ්‍ය අමාත්‍ය ධුරයක් දරන කබ්රාල් මහතා සිය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි.

ඉන්පසු ඔහු එළඹෙන බ්‍රහස්පතින්දා (16) මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමටත් නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 12 September 2021 15:19

Related items