May 04, 2024

පනත් දෙකට වෙට්ටු දැමූ කට්ටිය ගැන සෝදිසි මෙහෙයුමක්

September 11, 2021

හදිසි නීති රෙගුලාසි සහ මුදල් රෙගුලාසි පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම සඳහා ඡන්දය දීමට නොපැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිළිබඳව සභානායක කාර්යාලය වාර්තාවක් සකසන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ඡන්දය විමසූයේ ඉකුත් 6 වැනි සදුදා සහ 7 වැනි අඟහරුවාදායි.

හදිසි නීති රෙගුලාසි පනත් කෙටුම්පත සඳහා ඡන්ද 132 ක්ද මුදල් පනත් කෙටුම්පත් සඳහා ඡන්ද 134ක්ද පක්ෂව ලැබුණා.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මේ වන විට මන්ත්‍රීවරුන් 159 දෙනෙකුගෙන් සමන්විතයි.

ඊට පොදු ජන පෙරමුණෙන් පත්වූ 145ක් , වෙනම තරග කළ පොදුජන පෙරමුණ සන්ධානගත පක්ෂ මන්ත්‍රීවරු 4ක් සමගි ජන බලවේගය තේරී පත් වී ආණ්ඩුවට සහාය දෙන මන්ත්‍රීවරු 9ක් මෙන්ම අපේ ජන බල පක්ෂයෙන් තේරී පත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමිද ඇතුළත්.

මේ අතුරින් 6 දෙනකු විදේශගතවත් 9 දෙනෙකු නිරෝධායනය වෙමිනුත් සිටිනවා.

ඒ බව ඔවුන් කලින්ම සභානායක හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

හේතුවක් නොමැතිව නොපැමිණි අය

ඒ අනුව හදිසි නීති රෙගුලාසි වලට ඡන්දය භාවිතා නොකළ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් 12 දෙනාද මුදල් පනතට ඡන්දය පාවිච්චි නොකළ මන්ත්‍රිවරු 10 දෙනා ගැන කරුණු සොයා බැලීමට සභානායක කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි දැනගන්නට තිබෙන්නේ.

ඒ අතර පනත් දෙකටම ඡන්දය භාවිතා කිරීමට නොපැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක්ද සිටින බව වාර්තා වනවා.

මෙසේ මන්ත්‍රීවරු පිරිසක් ඡන්දය දීම මග හැරී එම පනත් දෙකේ විශේෂත්වය වන්නේ ඉන් එකක් ජනපතිවරයා විසින්ද අනික බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින්ද ඉදිරිපත් කිරීමයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 September 2021 23:27

Related items