May 04, 2024

හදිසි නීති රෙගුලාසි ඡන්දය මග හැරී මන්ත්‍රීගේ පණිවිඩය

September 09, 2021

ආණ්ඩුවට සහාය දෙන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද හදිසි නීති රෙගුලාසි ඡන්දය මග හැරී මන්ත්‍රීවරයෙක්.

ඒ සම්බන්ධයෙන් උන් වහන්සේගෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින් සඳහන් කළේ එවැනි ඡන්දයක් තිබෙන බව තමන් වහන්සේ නොදන්නා බවයි.

දුරකථන පණිවිඩය

එහෙත් හදිසි නීති රෙගුලාසි ඡන්දයට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙන ලෙස උන් වහන්සේට දුරකථනය ඔස්සේ දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාල ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

"අපි හිටියේ නැති වුණාට ඕකට ඡන්දය දෙන්න ඔය ඕන තරම් අය ඉන්නේ" යැයි උන් වහන්සේ පෙරළා ඊට ප්‍රතිචාර දැක්වූ බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

විකල්ප කණ්ඩායමේ නියෝජිතයෙක්

අපේ ජන බල පක්ෂය නියෝජනය කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන කැබිනට් අමාත්‍යවරුන් නායකත්වය දෙන විකල්ප පක්ෂ 10 කණ්ඩායමේ සාමාජිකයෙක්.

එම කණ්ඩායම නියෝජනය කරන විමල් වීරවංශ අමාත්‍යවරයාද හදිසි නීති රෙගුලාසි ඡන්දය මග හැර සිටි බවයි වාර්තා වන්නේ.

සමගි ජන බලවේගයේ එකතු වූ පිරිසක් සමග 159ක පමණ මන්ත්‍රී කණ්ඩායම සිටින ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් හදිසි නීති රෙගුලාසි සඳහා ඡන්දය දුන්නෙ 132 ක් පමණයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 02:18

Related items