May 02, 2024

මුරුත්තෙට්ටුවේ හිමිගේ හඬ වෙනස් වෙයි: රනිල්ට ගහන කාටවත් අනාගතයක් නැහැ

September 09, 2021

නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය දැරූ පසුගිය රජය විවේචනය කරමින් එය පෙරළා දැමීමට මුල් වී කටයුතු කළ හිමිනමක්.

එපමණක් නොව ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට සිය දේශපාලන කටයුතු කරගෙන යෑමට සිය පන්සල පවා ලබාදුන් හිමිනමක්.

ඇගයීමට ලක් කිරීම

එහෙත් උන් වහන්සේ පසුගියදා පැවැත්වූ එක්සත් ජාතික පක්ෂ 75 වැනි සංවත්සර උත්සවයට විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතාගේ වටිනාකම ඇගයීමකට ලක් කලා.

එක්සත් ජාතික පක්ෂය මේ රටේ දේශපාලන පක්ෂවල මව් සංගමය ලෙස හඳුන්වා දෙන උන් වහන්සේ අද තිබෙන බොහෝ ප්‍රධාන පක්ෂ බිහිව තිබෙන්නේත් එ.ජා.ප යෙන් කැඩී බවයි අනාවරණය කරන්නේ.

ඩී.එස්. සේනානායක මහතාගේ සිට සිටි එ.ජා.ප නායකයන් එදා සිටම කතා කළේ තමන් ගැන නොව රට හා ජාතිය වෙනුවෙන් සිය වගකීම ඉටු කිරීමට බවද උන් වහන්සේ පෙන්වා දෙනවා.

වත්මන් එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටට දේශපාලන ලෝකයට සිටිය යුතුම නායකයකු ලෙසයි උන් වහන්සේ හඳුන්වන්නේ.

එක කණ්නාඩිය

වික්‍රමසිංහ මහතා දෙස කවුරු කුමන කණ්නාඩි දමා බැලුවත් තමා තවමත් බලන්නේ එක කණ්නාඩියකින් බව උන්වහන්සේ සඳහන් කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හැදිච්ච ඔහුගෙන්ම දියුණු වෙච්ච ඇතමුන් හොද්දට දාපු කරපිංචා වගේ ඔහුව විවේචනය කරමින් යන බව සඳහන් කරන උන් වහන්සේ එවැනි අයට අනාගතයක් නැති බවත් පෙන්වා දෙනවා.

Rate this item
(4 votes)
Last modified on Friday, 10 September 2021 12:45

Related items